Image

සාහිත්‍යය පොත් පිටු අතර සිර නොවුණ 'කොළඹ සාහිත්‍ය සමය'

සාහිත්‍යය පොත් පිටු අතර සිර නොවුණ 'කොළඹ සාහිත්‍ය සමය'

ශ්‍රී ලාංකීය කලා සංස්කෘතික ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබන "කොළඹ සාහිත්‍ය උළෙල 2026" (Colombo Literary Festival 2026) ශ්‍රී ලාංකීය පාඨකයන්, ලේඛකයන් මෙන්ම සමස්ත කලා ලෝලීන්ටම නවමු බුද්ධිමය සහ සංස්කෘතික අත්දැකීමක් ලබා දීමට මෙන්ම, මෙරට සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂ සලකුණක් තැබීමට ද නිසැකව ම ඉවහල් වනු ඇත.

මෙරට කලා සංස්කෘතික සමාජයේ කලක සිට පැවති විශාල හිස්තැනක් පුරවමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසට ම සමාන තැනක් ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු ත්‍රෛභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය ලෙස "Colombo Literary Festival 2026" සංවිධානය වේ.

2026 ජූලි මස 24 වැනිදා සිට 29 වැනිදා දක්වා දින හයක් උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්‍රයේදී මෙම උළෙල පැවැත්වීමට නියමිතය.

 

උළෙලේ දැවැන්ත බුද්ධිමය මණ්ඩපය පිටුපස සිටින්නේ මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සලකුණු කිහිපයකි. උළෙල සංවිධානය කරනු ලබන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන පහක (05) හිමිකරුවන් අධ්‍යක්ෂ ධුර දරන Colombo Literary Festival (Pvt) Ltd ආයතනය විසිනි. දේශීය සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් ඔවුන් දක්වන මෙම අධිෂ්ඨානශීලී දායකත්වය සමස්ත ක්ෂේත්‍රයේම ගුණාත්මක වර්ධනයට මහෝපකාරී වනු ඇත.

කොළඹ සාහිත්‍ය සමය (Colombo Literary Festival 2026) සංවිධානය කරන අධ්‍යක්ෂක මඩුල්ලේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන ප්‍රදීප් සමරනායක උළෙලේ මූලික අරමුණු පැහැදිලි කළේ ය.

WhatsApp Image 2026 07 23 at 9.29.27 AMප්‍රදීප් සමරනායක

පාසලටත්සරසවියටත් අමිල ප්‍රවේශයක්

“ලංකාවේ බහුල වශයෙන් පොත් ප්‍රදර්ශන පැවැත්වෙනවා. එහි දී පාඨකයන්ට ලේඛකයින් මුණගැසීම සිදුවන්නේ සීමිත ප්‍රමාණයකට. නමුත් එහි මූලික අරමුණ වන්නේ පොත් අලෙවිය. නමුත් මේ සාහිත්‍ය උළෙලේ දී පොත් අලෙවියට අවධානය යොමු වන්නේ දෙවනුව. පළමුව අවධානය යොමු කරන්නේ පාඨකයන්, ලේඛකයන්, චින්තකයන් මුණගැහෙන්න, ඔවුන්ගේ අදහස් බෙදාගන්න සහ වැඩසටහන් සංවිධානය කරන්න.

විශේෂම කාරණය වෙන්නේ මේ සාහිත්‍ය උළෙලේ දී අපේ රටේ භාවිත වන ප්‍රධාන භාෂා තුනෙන්ම වැඩසටහන් පවත්වනවා. භාෂා තුනටම අපි අවස්ථාව සලසලා දෙනවා. ඕනෑම කෙනෙකුට පහසුවෙන් සහභාගී විය හැකි ආකාරයට රුපියල් 250ක් වැනි සුළු මුදලකට ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකියි. ඒ වගේම පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ප්‍රවේශ වීමේ හැකියාව තිබෙනවා. ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා ඕනෑම කෙනෙකුට ඒ දිනය තුළ පැවැත්වෙන ඕනෑම වැඩසටහනකට සහභාගී වීමේ හැකියාව තිබෙනවා.

කොළඹ සාහිත්‍ය සමය (Colombo Literary Festival 2026) හි විශාල කාර්‍යය භාර්‍යයක් ඉටු කරන එහි අභිරක්ෂක ලෙස කටයුතු කරන අනෝමා රාජකරුණා ඇගේ කාර්‍යය භාර්‍යය සහ සංවිධානය කර ඇති වැඩසටහන් පිළිබඳ පැහැදිලි කළා ය.

 

WhatsApp Image 2026 07 23 at 9.29.28 AMඅනෝමා රාජකරුණා

මූලික වශයෙන් අභිරක්ෂකගේ කාර්‍යය භාර්‍යය වෙන්නෙ යම් වැඩසටහනක කලාත්මක සහ පර්යේෂණාත්මක කාර්ය එකතු කරලා ප්‍රේක්ෂාගාරයට එහෙම නැත්නම් දැන් සාහිත්‍ය උත්සවයක නම් අපේ පාඨකයන්ට යම්කිසි විදියක වැඩසටහනක් ඉදිරිපත් කිරීම.

සංහිඳියාවට අත්වැල් අල්ලන ත්‍රිභාෂා

මූලික වශයෙන් මෙවැනි සාහිත්‍ය උත්සවයක් දින හයක් පුරා දිනකට පැය 12බැගින් පැවැත්වෙනවා කියන්නේ විශාල කාලයක්. එතකොට ඒ කාලය ඇතුළත සාහිත්‍යය පිළිබඳ උනන්දුවක් දක්වන කුඩා දරුවා ගෙ ඉඳලා වැඩිහිටියා දක්වා පොත් කියවන අය, විචාරය ගැන උනන්දුවක් තියෙන, පරිවර්තන කෘති, සිංහල සාහිත්‍යය, ඉංග්‍රීසි සාහිත්‍යය, දෙමළ සාහිත්‍යය ගැන උන්දුවක් තියෙන සියලුම දෙනා වෙනුවෙන් වැඩසටහන් සම්පාදනය කළා.

ලංකාවේ අපි දකින දෙයක් තමයි බොහෝ සාහිත්‍ය කටයුතු එක භාෂාවකට පමණක් සීමා වෙනවා. ලංකාව අවුරුදු 30ක ජනවාර්ගික ගැටුමකට, යුද්ධයකට පසුව අපි දැන් ඉන්නෙ සාමය සමාදානය බලාපොරොත්තු වෙන සමාජයක අපි කතා කරන ප්‍රධාන භාෂාව ඇතුළෙ තියෙන හුවමාරුව ඉතා වැදගත්. මොකද සාහිත්‍යය කියන්නේ ඇත්තට ම සංහිඳියාවේම එක කොටසක්. එකෙනා ගෙ අත්දැකීම් බෙදාගන්න. එකිනෙකා අතර සංවාදයක් ගොඩනගාගන්න අවකාශය තමයි මේ සාහිත්‍යය උළෙල  ඇතුළෙ නිර්මාණය වෙන්නේ.

අභිරක්ෂක විදිහට මගේ අරමුණ වුණේ අපේ පුංචි දූපත ඇතුළෙ අපි වැඩ කරන භාෂා තුනෙන් ම සිදුවන හුවමාරුව වගේම මුහුදෙන් එපිට විදේශ සාහිත්‍යය පිළිබඳ යම් සංවාදයක් මේක ඇතුළට ගන්න. නමුත් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ යම්කිසි විදිහක ආර්ථික අවපාතයක ඉන්න, ස්වභාවික විපත්වලට මුහුණ දීපු සමාජයක. ඒ සමාජයට  ඉදිරිපත් කරන ප්‍රථම සාහිත්‍ය උත්සවය. මේ මොහොතේ මේ භූමියේ පැළකරන්න පුළුවන් විදිහකට ඉදිරිපත් කරන එක තමයි මේ සාහිත්‍ය උත්සවයේ අරමුණ වුණේ. අභිරක්ෂක විදිහට මගේ කාර්‍යභාර්‍ය වුණේ සංවාද සඳහා පැමිණෙන්නේ කවුද? ඒ අතර ජ්‍යේෂ්ඨයන්, නවකයන්, පුරුෂයන්, ස්ත්‍රීන් ඉන්නවද? කියන එක සොයා බලන එක.

අපේ දෙමළ කතා කරන සමාජය ගැන කිව්වොත් මනාරමේ ඉඳලා යාපනය, කිලිනොච්චිය, මඩකළපුවේ සිට කඳුකරයට එනකන් ම දෙමළ කතා කරන සමාජයක් ඉන්නවා. මේ සියල්ලන්ව මෙතන්ට ගෙන්න ගන්නේ කොහොමද  සහ ඉංග්‍රීසි කතා කරන සමාජය දැන් අපි දන්නවා ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යය ගැන ප්‍රබෝධයක් ඇතිවෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සම්මාන තියෙනවා.එතකොට ඒ අය කොහොමද මේකට ගන්නේ කියන කාරණාවත් අභිරක්ෂක විදිහට කරන ප්‍රධානතම කාර්ය භාරයක් වෙනවා.

 

කියවීමට එහා ගිය සාහිත්‍ය කතිකාව

පාඨකයන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර අපි මේ සාහිත්‍ය සංවාදවල සංවාදයට බඳුන් කරනවා. ඒ සංවාදවලට ආසියාවේ වගේ ම සියලු ම කලාපවල ලේඛකයන්ට ආරාධනා කරලා තියෙනවා. මහද්වීප හරහා සාහිත්‍ය ගමන් කරන්නෙ කොහොමද කියලා අපේ සංවාද තුළින් මතු කරනවා.

නව කතා, කවිය, කෙටි කතාව, පරිවර්තන සාහිත්‍ය, විද්‍යා ප්‍රභන්ධ, ඡායාරෑපකරණය පුරා විද්‍යාව, ගෘහනිර්මාණ ශිල්පය මේ සියලු ක්ෂේත්‍ර සහ ස්ත්‍රීවාදී සාහිත්‍යය ගැන වැඩමළු පැවැත්වෙනවා. ඒ වගේම දේශපාලනය සහ සාහිත්‍යය පිළිබඳ සංවාද මණ්ඩප සංවිධානය කරලා තියෙනවා. භාෂා ත්‍රිත්වයටම අදාල අලුත්ම පොත් ජනගත කෙරෙනවා. ඒ සඳහා  ලේඛකයෝ සහභාගී වෙනවා. ලංකාවේ ජ්‍යේෂ්ඨ ලේඛකයන්ගේ  ඉඳලා තරුණ ලේඛකයන් දක්වා සහභාගී වෙනවා.

තිරය මත දිගහැරෙන සාහිත්‍ය

මේ සාහිත්‍ය උළෙලේ තවත් විශේෂ අංගයක් ලෙස මීට සමගාමීව සිනමා උළෙලක් සංවිධානය කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක කුඩා චිත්‍රපට උළෙලක් වගේ.

සාහිත්‍ය උළෙලක් ඇතුළෙ තියෙන සිනමා උත්සවයක්. මේ සිනමා උත්සවය මූලිකව ම අපි කෙටි කරලා කිව්වොත් 'පොත තිරයට.' ඒ කියන්නේ අපි දන්නවා ලෝකේ සිනමා නිර්මාණ බිහි වෙනවා කෙටි කතාවලින්, නවකතාවලින්, කෙටිකතා රාශියකින් බිහි වූ චිත්‍රපට ආදී ලෙස.

අපි චිත්‍රපට අටක් ප්‍රදර්ශනය කරනවා.

752107045 122113947801340579 7616464394928500777 n

චිත්‍රපට උලෙළ ආරම්භ කරන්නේ ට්‍රාන්සිට් කියන චිත්‍රපටියෙන්. 25 වෙනිදා හවස 3.30ට. ඒ සඳහා අපිත් එක්ක සහභාගී වෙනවා කුට්ඨි රේවතී. ඇය දකුණු ඉන්දියානු කිවිඳියක්. ඇය චිත්‍රපටිය අධ්‍යක්ෂවරියක්.

උලෙළෙ තිරගත වෙන ශ්‍රී ලාංකික චිත්‍රපටිය තමයි “සොල්දාදු උන්නැහේ”. සොල්දාදු උන්නැහේ කියන්නේ එච්. ඒ සෙනවිරත්න ගේ පරණ සොල්දාදුවා කෙටි කතාවෙන් හැදුණු චිත්‍රපටිය.  

ජර්මනිය, ඉන්දියාව, බලදේශය ආදී රටවල් වල කෙටිකතා නවකතා මේ සියල්ලෙන් හැදිච්ච නිර්මාණ 25 වෙනිදා ඉඳලා 29වෙනිදා වෙනකන් තිරගත කෙරනවා. ඉතින් මේ සිනමා දර්ශනය සිදු වන්නේ කොළඹ 07 ග්‍රෙගරි මාවතේ ජර්මන් සංස්කෘතික ආයතනයේ(Goethe-Institute) දී. එතනට සාහිත්‍ය උත්සවය පැවැත්වෙන ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකේ ඉඳන් ඉතා කෙටි වේලාවකින් ඇවිදගෙන යන්න පුළුවන්.

අපේ වැඩසටහන්, සංවාද මණ්ඩප, මේ උලෙළ තුළ ඇති වෙනත් උත්සව (චිත්‍රපට උත්සවය, පොත් දොරට වැඩීමේ උත්සව ඇතුළුව), සංගීතමය වැඩසටහන්, මාස්ටර් ක්ලාස්, ක්‍රියාකාරකම් ආදී නොයෙකුත් අංග පිළිබඳ වැඩිදුර තොරතුරු  www.colambolitfest.lk වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්.”

පොත් ප්‍රදර්ශනයකට පමණක් සීමා නොවුණ විචිත්‍රවත් ලෙස ජූලි 24 සිට 29 දක්වා පැවැත්වෙන්නට නියමිත මෙම ත්‍රිභාෂා සාහිත්‍ය සම්භාෂණය සඳහා ඔබත් සහභාගී වී ඒ නවමු අත්දැකීම විඳගන්න.

 

750229902 122113635027340579 5033115990386189279 n

752489100 122113634991340579 3532755123163586752 n

750085013 122113634985340579 6612833806617581031 n

751883689 122113797579340579 2279593558257655719 n

753267309 122113797519340579 6497876942639707360 n

749629486 122113797573340579 7652393233151087851 n

749629495 122113797489340579 1567174304282151366 n

752616706 122113924407340579 7326478336285845398 n

750550452 122113924413340579 8786160052070994191 n

751622827 122113924419340579 3395799814608049336 n

752242576 122113924485340579 3811861450023249979 n

752616706 122113924407340579 7326478336285845398 n

750020955 122113967589340579 8651663814723565450 n

752653217 122113967583340579 1105887059079061038 n

753007491 122113967565340579 7453205468920991046 n

750903972 122113979595340579 8470193042306674531 n

750644436 122113979613340579 2036942064732034595 n

749987023 122113980093340579 4840772061204205232 n

749355799 122113980099340579 9086790361309023426 n

 

 

WhatsApp Image 2026 07 04 at 12.08.50 PM

 

 

 

සටහන - සෝබා කෝලියවංශ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න