ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, ඒක දින ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අගය 25කින් ඉහළ නංවා 9.00%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
2026 වසරේ 06 වැනි මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළව මෙම තීරණය ගෙන ඇති අතර, පවතින සහ අපේක්ෂිත සාර්ව ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මහ බැංකුව පවසන්නේ.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) 8.50%ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය (SLFR) 9.50%ක් ලෙසත් ක්‍රියාත්මක වේ.
උද්ධමනය ඉහළට
2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය 8.3%ක් දක්වා (වාර්ෂික ලක්ෂ්‍යමය) ඉහළ ගොස් තිබේ. ආහාර උද්ධමනය ඉහළ යාම සහ අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යාම මීට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
එසේම, 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී මූලික උද්ධමනය ද ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේ දී උද්ධමනය 5% ඉලක්කය වටා ස්ථාවර කර ගැනීම මහ බැංකුවේ අපේක්ෂාවයි.
- ජේ.මුණසිංහ -
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
