ව්‍යාපාර කටයුත්තක් සඳහා යැයි වසමින් පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 47.6 මුදලක් ලබාගෙන ආපසු නොදී වංචා කිරීම සම්බන්ධයෙන් නඩු හතරකට අදාළව වරදකරු කෙරුණු චීන කටු වෛද්‍යවරයෙකුට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් අද (20) රුපියල් 4,760,000 ක දඩ මුදලක් නියම කළේය.
එසේම, එම නඩු හතරට අදාළව ලක්ෂ 8 ක වන්දි මුදලක් ද අධිකරණයෙන් එම චුදිතට නියම කරනු ලැබු අතර, එක් එක් නඩුවට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් අත්හිටවු සිරදඬුවම් ද නියම කරනු ලැබීය.
අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 ලිපිනයෙහි පදිංචි කළුබෝවිල දුටුගැමුණු මාවත ප්‍රදේශයේ චීන කටු වෛද්‍ය සායනයක් පවත්වාගෙන යනු ලබන ප්‍රසාද් දේශප්‍රිය නමැති වෛද්‍යවරයෙකුට මෙලෙස දඬුවම් නියම විය.
එම නඩු හතරට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් නියම කළ දඩුවම් මෙසේය.
පළමු නඩුව වෙනුවෙන් මාස 6ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර 5කට අත්හිටවූ අතර රුපියල් ලක්ෂ 20ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ද නියම කළා.
දෙවන නඩුව අදාළව මාස 6ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර 5කට අත්හිටුවූ අතර රුපියල් ලක්ෂ 20 ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක්ද නියම කළා.
තෙවන නඩුවට අදාළව මාස 3ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර 5 ට අත්හිටු වූ අතර රුපියල් 360,000ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ 2 ක වන්දි මුදලක්ද නියම කළා.
සිව්වන නඩුවට අදාළව මාස 3ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර 5 ට අත්හිටුවූ අතර රුපියල් ලක්ෂ 4 ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක්ද නියම කළා.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි, ව්‍යාපාර හා ප්‍රවර්ධන කටයුතු සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පී සුදර්ශන මංගල, ජීවන්ත ජයතිලක හා තිලංක පොල්ගම්පොළ යන නීතිඥවරුන් දෙපළ මගින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ලි සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එම නියෝගය නිකුත් කළේය.
ව්‍යාපාරිකයකු වන සුදර්ශන මංගල සිය නීතිඥවරු මගින් පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ ඔහු කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාර හා ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත්ය.
එසේ ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුර 2010 වසර දී විත්තිකාර වෛද්‍යවරයා හඳුනා ගැනීමට ලැබුණු බවත්, ඔහු වෘත්තියෙන් චීනකටු ආශ්රිත ප්රතිකාරකම භාවිතා කරමින් කළුබෝවිල දුටුගැමුණු මාවත ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සිටි බවද පැමිණිලිකරු නීතිඥවරු මගින් අධිකරණයට දැනුම්දී තිබුණා.
තමන් විත්තිකරු දැනහඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සේවා ස්ථානය වෙත අවස්ථා කිහිපයකදී ගිය බවත් ඒ අවස්ථාවේදී විත්තිකරුගේ ව්‍යාපාර කටයුතුවලට බව පවසමින් නැවත ලබා දෙනා පොරොන්දුව මත අවස්ථා කිහිපයකදී ඔහු තමාගෙන මුදලක් ලබාගත් බවද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.
2022 නොවැම්බර් මස සිට 2023 වසරේ මාර්තු මස දක්වා කාලය තුළ ඔහු තමාගෙන් එලෙස රුපියල් මිලියන 47.6 ක මුදලක් එසේ ලබාගත් බවද පැමිල්ලිකරු පෙන්වාදී තිබුණා.
විත්තිකාර පුද්ගලයා තමන්ගෙන් ලබාගත් මුදලින් මිලියන 47.6 මුදලක් ගෙවීම සඳහා නුගේගොඩ පෞද්ගලික බැංකුවක ඔහුගේ නමින් තිබෙන ගිණුමක් හරහා තමාට චෙක්පත් පහක් ලබාදී තිබූ නමුත් එම චෙක්පත් පහම අගරුවී තිබූ බවද ඔහු පවසා තිබුණා.
එම සිද්ධියෙන් පසු විත්තිකරු පිළිබඳව සැකයක් ඇතිවූ බැවින් තමන් විත්තිකරුට ලබාදී තිබූ සෙසු රුපියල් මිලියන 40 ක මුදල නිරන්තරයෙන් ඉල්ලා සිටි බවද ඒ අවස්ථාවේදී විත්තිකරු චෙක්පත් හතරක් ලබාදී තිබූ නමුත් ඉන් රුපියල් මිලියන විස්සක අගරු චෙක්පත් දෙකක් ලබාදී තමාව රැවටීමට ලක් කර ඇති බවද ඔහු නීතිඥවරු මගින් අධිකරණයට පෙන්වා දී තිබුණා.
විත්තිකාර වෛද්‍යවරයා තමාගෙන් රුපියල් මිලියන 47.6 ක මුදලක් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී වංචාවක් කර ඇති බැවින් තමාට එම මුදල් නැවත ලබා ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස හා සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පැමිණිලිකරු සිය නීතිඥවරු වන ජීවන්ත ජයතිලක හා තිලංක පොල්ගම්පල යන අය මගින් කරුණු දක්වමින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.
වන්දි මුදල් ගෙවීම සඳහා මෙම නඩු පෙබරවාරි 2 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, දඩ මුදල් ගෙවීම සඳහා මෙම නඩු මැයි 11 වැනිදා නැවත කැඳවීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
