පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු පුද්ගලික ලේකම්වරයා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළේය.
සිද්ධියට අදාළ නඩුව අද උදෑසන කැඳවූ අවස්ථාවේදී, පෙර නඩු දිනයේ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව, නැවත වාචිකව ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරන බවට විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දීම හේතුවෙන් නඩුව අද දහවල් යළි කැඳවනු ලැබීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුහෙට්ටි සැකකරු වෙනුවෙන් වාචික ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, එම ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ඉදිරි දින ප්‍රකාශයට පත් කරන බවත්, එතෙක් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන බවත්ය.
මීට අමතරව, පෙර නඩු දිනයේදී සිද්ධියේ සිව්වැනි සැකකරුට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට අනුව අදාළ වරෙන්තු නියෝගය නිකුත් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.
සිද්ධියට අදාළ නඩුව ලබන 27 වැනිදා යළි කැඳවීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
