Language Switcher

V2025

තුර්කි හමුදා කුමන්ත්‍රණයේ 47ක් : වසර 2කට පසුව අත්අඩංගුවට

වසර දෙකකට පෙර තුර්කියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ 47 දෙනෙකු එරට පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කරන ආකාරයට මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ  ඇමරිකාවේ වාසය කරන ප්‍රකට ඉස්ලාම් දේශකයෙකු වන ෆෙතුල්ලා ගුලන්ගේ අනුගාමිකයින් පිරිසක්ය.

තුර්කියේ මහමැතිවරණය සහ ජනාධිපතිවරණය අද (24) පැවැත්වීමට නියමිතව තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව තිබීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.