Language Switcher

V2025

කිම් ජොන්ග් උන් හමුවීමට ට්‍රම්ප් සිංගප්පූරුවට !

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාපධිති ඩොනල්ඩ්  ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කැනඩාවේ පැවැති ජී7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් එරට සිට සිංගප්පූරුව බලා පිටත් වී ඇත.

ට්‍රම්ප් සහ කිම් ජොන්ග් උන් අතර  අදාළ හමුව එළැඹෙන අඟහරුවාදා (12) සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේදී පැවැත්වීමට නියමිතය.