Language Switcher

V2025

පකිස්තානයේ හිටපු අගමැතිට රාජද්‍රෝහී චෝදනා ! 

පකිස්තානයේ 2007 වසරේ, පර්වේස් මුෂාරෆ් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර, මහාධිකරණ විනිසුරුවරුන් නිවාස අඩස්සියට ගැනීම සහ  තවත් අධිකරණ විනිසුරුවරුන් 100 කට ආසන්න පිරිසක් නෙරපා දැමීමට කටයුතු කිරීම සම්බන්ධව ඔහුට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම චෝදනා සම්බන්ධයෙන්, විශේෂ අධිකරණයක් යටතේ නඩු විභාගයක් පැවැත්වෙන අතර එම අධිකරණය  මුෂාරෆ්ගේ ගුවන් බලපත‍්‍රය සහ ජාතික හැඳුනුම්පත අවලංගු කිරීමට නියෝග කර ඇති බවද වාර්තා වෙයි.

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පත් පර්වේස් මුෂාරෆ් 1999 වසරේ සිට 2008 තෙක් පාකිස්තානයේ අගමැති ධුරය ඉසිළු අතර පාකිස්තානයේ තවත් අගමැතිවරියක වන බෙනාසීර් බූතෝ ඝාතන සිද්ධිය පසුපස ද මුෂාරෆ් සිටින බවට චෝදනා එල්ල වී ඇත.