මැඩගස්කරයේ බලය අත්පත් කරගත් බව එරට හමුදාව පවසයි.
ඒ, සති ගණනාවක් එරට තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් පසුවය.
එරට හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ හමුදාව විසින් රජයක් පිහිටුවා වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවයි.
කෙසේවෙතත් මැතිවරණ කොමිසම වැනි ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ද ඔහු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදාව සහ විරෝධතාකරුවන් මැඩගස්කර් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සැමරීම ආරම්භ කර ඇති අතර දහස් ගණනක් කොඩි ලෙලවමින් බොහෝ පිරිස් මේ වන විට අගනුවරට එක්රැස් වෙමින් සිටිති.
2009 දී බලයට පත් වූ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ද්‍රි රාජොයිලිනා (Andry Rajoelina) විරෝධතා හමුවේ රටින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
ප්‍රංශ හමුදා ගුවන් යානයකින් ජනාධිපතිවරයා රටින් පිටතට ගෙන ගිය බවට ද නිල නොවන වාර්තාවල සඳහන් කරයි.
විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ප්‍රකාශ වේ.
මුලාශ්‍ර :
Madagascar military says it has seized power as president moves to 'safe place'