නිහඬ බව බිඳින්නෝ": ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා

නිහඬ බව බිඳින්නෝ": ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා

ලිංගික අතවර සහ හිරිහැරවලට එරෙහිව නැගී සිටි "නිහඬ බව බිඳින්නෝ" නමින් හඳුන්වන කාන්තාවන් පිරිසක් "වසරේ පුද්ගලයා" ලෙසින් ඇමෙරිකාවේ ප්‍රකාශයට පත් කෙරෙන ටයිම් සඟරාව විසින් නම් කරනු ලැබ තිබේ.

හොලිවුඩ් නිෂ්පාදක හාවි වයින්ස්ටයින් ට එරෙහි ලිංගික අතවර චෝදනා එල්ලවීමෙන් අනතුරුව MeToo නම් හෑෂ්ටෑගය යටතේ බොහෝ කාන්තාවෝ තමන් මුහුණ දුන් අතවර පිළිබඳව හෙළිදරවු කිරීමට පෙළඹුනහ.

එහෙත් #MeToo ව්‍යාපාරය සමස්ත චිත්‍රය නොවන බව පවසන ටයිම් සඟරාවේ ප්‍රධාන කර්තෘ එඩ්වඩ් ෆෙල්සන්තාල් (Edward Felsenthal) හාවි වයින්ස්ටයින්ට චෝදනා එල්ලවීමත් සමග මතු වූයේ දශක ගණනාවක් ඇතුළත දක්නට ලැබුන වේගවත්ම සමාජ ව්‍යාපාරය බවත් සඳහන් කරයි.
සිය අත්දැකීම් හෙළි කිරීමට ඉදිරිපත් වූ සිය ගණනක් දිරිමත් කාන්තාවන් සහ ඇතැම් පුරුෂයන් විසින් එම ව්‍යාපාරය ආරම්භ කරනු ලැබූ බව ද කතුවරයා පෙන්වා දෙයි.

මහමගදී, වැඩපොළේ දී සහ පොදු ප්‍රවාහන සේවාවල දී ලිංගික හිංසන සහ අතවරවලට ලක්වන ශ්‍රී ලාංකික කාන්තාවගේ වේදනාව බීබීසී සිංහල සේවය ද පසුගියදා වාර්තා කළේය.

  • කාන්තා ලිංගික හිංසනය සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර
  • ලිංගික හිංසනයෙන් බැට කන ‘ශ්‍රී ලාංකික දියණියෝ’
  • කාන්තාවගේ ඇඳුම, කාන්තා හිංසනයට හේතුවක්ද?
  • "කාන්තාවන්ගෙන් 90% කට ලිංගික අතවර"

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට සිය අත්දැකීම් හෙලිකිරීම පිණිස #MeToo සහයෝගිතා ව්‍යාපාරයක් බවට පත් වූ බව ද Time සඟරාව පෙන්වා දෙයි.
එම ව්‍යාපාරයට නායකයෙකු හෝ පිළිගත් ප්‍රතිපත්ති මාලාවක් නොවූ බව පවසන සඟරාව, සියලු ජනවර්ගවලට, සියලුම පන්තිවලට සහ සියලුම වෘත්තීන්ට අයත් කාන්තාවන් එයට සම්බන්ධ වූ බවත් සඳහන් කරයි.

kantha 1

එය ලිංගික අතවර පිළිබඳ සම්පූර්ණ කතා පුවත නොවන නමුත්, ලැජ්ජාව කෝපයක් බවට සහ හරවමින් දහස් ගණන් ජනතාව වීදියට කැඳවා බලගතු පුරුෂයන්ට එරෙහිව යුක්තිය ඉටුකරවා ගැනීමට එම ව්‍යාපාරය සමත් වූ බව සඟරාවේ අදහසය.

ලිංගික අතවරවලට ලක් වූ බව පැවසෙන විවිධ පසුබිම් සහිත කාන්තාවන්ගේ ඡායාරූපයක් සඟරාවේ කවරයේ ප්‍රකාශයට පත්කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, Time සඟරාවේ "වසරේ පුද්ගලයා" අංශයේ දෙවෙනි ස්ථානය හිමිකරගෙන තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න