ට්‍රම්ප්ට එරෙහිව මැදපෙරදිග විරෝධතා

ට්‍රම්ප්ට එරෙහිව මැදපෙරදිග විරෝධතා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ පරිපාලන බලධාරියෙකු පැවසීමත් සමඟ මැදපෙරදිග පුරා ට්‍රම්ප් විරෝධී පෙලපාලී ඇතිව තිබේ.

ට්‍රම්ප්ගේ ජයාරූප මෙන්ම ඇමරිකානු ධජ ගිනිතබමින් එම විරෝධතාකරුවන් පවසා සිටින්නේ ට්‍රම්ප් ඇතුළු ඇමරිකාව සමස්ත මුස්ලීම් ජාතියේම ද්‍රෝහියකු ලෙස සලකා එම පාර්ශවයන්ට එරෙහිව ශුද්ධ වූ යුද්ධයක් ඇරඹිය යුතු බවයි.

කෙසේ වුවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස සලකන ට්‍රම්ප්ගේ තීරණය ඉදිරියේදී ඔහු විසින්ම ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය.මතභේදයට තුඩු දී ඇති එම තීන්දුව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. එසේම ටෙල් අවීව් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වසර කිහිපයකින් ජෙරුසලම වෙත ගෙන යාම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇති බවටද මාධ්‍ය වාර්තා පලවී ඇත.

මේ අතර ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධව අදහස් දක්වන අරාබි රටවල නායකයින් සඳහන් කර සිටින්නේ අදාළ තීරණය ඊශ්‍රායලය විසින් පිළිගනු ලැබුවත් ඒ හරහා මැදපෙරදිග සාම ක්‍රියාදාමය කඩාකප්පල්වීමේ අවධානමක් ඇති බවය.

කාලයක පටන් නැගෙනහිර ජෙරුසලම සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙස පලස්තීනය විසින් සලකනු ලැබූ අතර ඊශ්‍රායලය විසින් ද ජෙරුසලම සිය අගනගරය පත්කර ගැනීමේ උත්සාහයක නිරතව සිටියී. එසේම යම් ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගනු ලැබුවහොත් 1948 ඊශ්‍රායලය පිහිටුවීමෙන් පසුව ජෙරුසලම එහි ප්‍රධාන අගනගරය ලෙස පිළිගත් ලොව ප්‍රධාන රට බවට ඇමරිකාව පත්වනු ඇත.

{gallery}Donald{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න