අමෙරිකාවට බලපා ඇති සුළි කුණාටුවක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 25 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙන්ටකී, මිසුරි, වර්ජිනියා, ඉලිනොයිස්, ඉන්දියානා ඇතුලු ප්‍රාන්ත රැසකට ඉන් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 5000 කට පමණ හානි සිදුව තිබේ.
විදුලිය විසන්ධි වී ඇති නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුලු ගොඩනැගිලි සංඛ්‍යාව, හාර ලක්ෂ පනස් නමදහසක්.
ගස් කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන් ප්‍රවාහන කටයුතු මෙන්ම සන්නිවේදන සබඳතා ද අඩාල වී ඇත.
සුළි කුණාටුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් මිලියන 50 කට පමණ බලපෑම් එල්ල විය හැකි බවට කාලගුණ බලධාරීන් පුරෝකතනය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
