කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වන විට රෝගීන් 74ක් හමු වූ බවයි.
ඉන් පුද්ගලයන් 34දෙනෙක්ම මියගොස් තිබෙයි.
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතට මෙම අවදානම් තත්ත්වය උද්ගත වී තිබෙන බව වාර්තා වෙයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
