Language Switcher

V2025

මැක්ස් තන්ඩර් නිසා කොරියානු සාම කතා අවධානමේ

ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාස පැවත්වීමට කටයුතු කිරීම පිළිබඳව විරෝධය පළකරමින් දකුණු කොරියාව  සමග පැවැත්වීමට නියමිතව තිබූ සියලු සාකච්ඡා නතර කිරීමට උතුරු කොරියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ බව වාර්තා කරමින් උතුරු කොරියානු මාධ්‍ය සඳහන්  කරන්නේ දකුණු කොරියාව සහ අමෙරිකාව යුද අභ්‍යාසවල නිරත වීම උතුරු කොරියාව ප්‍රකෝප කීරීමක් සහ ආක්‍රමණයක් සඳහා පෙරහුරුවක් ලෙස තම රට හඳුනාගෙන ඇති බවය.

මෙම යුද අභ්‍යාසය මැක්ස් තන්ඩර් නමින් හඳුන්වා ඇති අතර ඒ සඳහා  අමෙරිකානු  ගුවන් යානා 100කට අධික සංඛ්‍යාවක් යොදා ගන්නා අතර  බී 52 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානා, ප්‍රහාරක ජෙට් යානා රැසක් මෙන්ම සෙබලුන් 1200කට අධික පිරිසක් ද ඊට සහභාගී කර ඇත.

මේ  සමග ජූනි 12 වන දා උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේදී පැවැත්වීමට යෝජිත සාකච්ඡා පවා අවධානමේ වැටී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.