ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නාය යෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුද්ගලයන් 220 දෙනෙකු තවමත් අතුරුදන් බව ඉන්දීය නිලධාරීන් සඳහන් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබුනේ වයනාද් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී ඊයේ මෙම නාය යෑම් වාර්තා වූ බවයි.
මේ වනවිට ඉන් පුද්ගලයින් 128 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් පුද්ගලයින් සිය ගණනක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කේරළ ප්‍රාන්තයට පසුගිය දින දෙක තුල මිලිමීටර 572ක වර්ෂාපතනයක් ලැබී ඇත.
කෙසේ නමුත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කර තිබුනේ, මිලිමීටර 64ත් 200ත් අතර වර්ෂාපතනයක් ඇතිවෙන බවටයි.
ඉන්දීය හමුදාව සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය විපතට පත් පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරමින් පවතී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
