මයික්‍රසොෆ්ට් බිද වැටෙයි

මයික්‍රසොෆ්ට් බිද වැටෙයි

ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිවල බිඳවැටීමක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් ප්‍රධාන පෙළේ රටවල් රැසකම කොටස් වෙළඳපළ, ගුවන් ගමන්, බැංකු කටයුතුවලට දැඩි බාධා එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වාදී තිබේ. එසේම මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද සදහන් වේ.

මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කළේ මධ්‍යම එක්සත් ජනපද කලාපයේ එහි ක්ලවුඩ් සේවා සමඟ ඇති ගැටළු පිළිබඳව විමර්ශනය කරන බවත් එය ලොව පුරා සේවාවන්ට බාධා ඇති කර ඇති බවත්ය.

මෙම තත්වය මෙරටත් ආයතන කිහිපයකට බලපා ඇතැයි පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය සදහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න