Language Switcher

V2025

රාහුල් ගාන්ධිට ඇප !

අන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප හිමිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබාදෙන තෙක් දඬුවම වළක්වමින් ද ගුජරාට් අධිකරණයක් නියෝගයක් ලබා දී ඇති බවත් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

සෑම සොරෙකුටම "මෝදි" යන නම යෙදෙන්නේ ඇයි ද යනුවෙන් 2019 වසරේදී ඔහු ප්‍රකාශයක් කර තිබුණි.

රාහුල් ගාන්ධිගේ අභියාචනාව ලබන අප්‍රේල් 13 වනදා විභාගයට ගැනීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත.