රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් 06 දෙනා නිදහස්

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් 06 දෙනා නිදහස්

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි නලිනි ශ්‍රී හරන් සහ ආර්. පී. රවිචන්ද්‍රන් ඇතුළු වරදකරුවන් 06 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ, අදාළ නඩුව අද (11) කැඳ වූ අවස්ථාවේදීයි.

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රීහරන්, රවිචන්ද්‍රන්, සාන්තන්, මුරුගන්, ඒ.ජී. පෙරරිවාලන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ඔවුන් වසර 23කට අධික කාලයක් සිරගතව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 වගන්තිය යටතේ ශ්‍රීහරන් සහ රවිචන්ද්‍රන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිසි බලධාරියා තමන් බව ත් 2018 වසරේ සැප්තැම්බර් 9 දිනැති ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ තීරණය අවසන් වන අතර එය කැබිනට් මණ්ඩලයේ ආධාර සහ උපදෙස් අනුව තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට ක්‍රියාත්මක කළ හැකි බව ත් තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබේ.

රජිව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වන දා රාත්‍රියේ තමිල්නාඩුවේ ශ්‍රීපෙරුම්බුදුර්හිදී මැතිවරණ රැලියකදී ධනු නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කරන ලදී.

පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් 1999 වසරේ මැයි මස නියෝගයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය පෙරාරිවාලන්, මුරුගන්, සාන්තන් සහ ශ්‍රීහරන් යන වැරදිකරුවන් සිව්දෙනාට මරණ දඬුවම ලබා දීමට නියෝග කර තිබිණි.

කෙසේ වෙතත්, 2014 වසරේදී සාන්තන්ගේ සහ මුරුගන්ගේ පෙත්සම් තීරණය කිරීම ප්‍රමාද කිරීමේ පදනම මත පෙරාරිවාලන්ගේ මරණ දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් කර තිබුණු අතර ශ්‍රීහරන්ගේ මරණීය දණ්ඩනය 2001 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා වෙනස් කර තිබුණේ ඇයට දියණියක සිටින බව සලකා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න