Language Switcher

V2025

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ආරම්භ වෙයි !

චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය අද (16) පෙරවරු 10ට බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී ආරම්භ විය.

2300කට වැඩි නියෝජිත පිරිස හා විශේෂ ආරාධිතයෝ ඊට එක්ව සිටිති. චීන කොමියුනිස්ට් පක්ෂ‍ නොවන පුද්ගලයෝ ද ඊ‍ට සහභාගී වෙමින් සිටිති. අද සිට 22 වැනිදා දක්වා කොංග්‍රසය පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ වාර්තාවට සවන් දෙමින් පරීක්ෂා කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරීක්ෂා කර සම්මත කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව හා නව විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසම ඡන්ද විමසීමෙන් තෝරා ගැනීම මෙවර කොංග්‍රසය තුළදී සිදු කිරීමට නියමිතව තිබේ.

වසර 101ක ඉතිහාසයක් සහිත චීන කොමියුනිස්ට් පක්ෂය, චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවූ දා සිට මේ දක්වා වසර 73ක් චීනය පාලනය කර ඇත. එම පක්ෂයේ ජාතික කොංග්‍රසය හා ඉන් තේරී පත්වන මධ්‍යම කාරක සභාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර නායක යාන්ත්‍රණය යි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය වසර පහකට වරක් පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.
ගෙවී ගිය දශකය තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම, චීන යුවාන් ට්‍රිලියන 54ක සිට 114ක් දක්වා වැඩි විය. චීන ආර්ථික ධාරිතාව ලෝක ආර්ථික ධාරිතාවෙන් ගන්නා අනුපාතය සියයට 7.2කින් වැඩි වී සියයට 18.5ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අතින් චීනය ලොව දෙවැනි ස්ථානයේ අඛණ්ඩව රැඳී සිටීම ද විශේෂත්වයකි.

චීනය 140කට වැඩි රටවල් හා ප්‍රදේශවල ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු බවට පත්ව ඇත. වඩාත් පුළුල් පරාසයකින් යුතු, වඩාත් පුළුල් ක්ෂේත්‍රවලින් ආවරණය වන, වඩාත් ගැඹුරු විවෘතභාවයක් චීනයේ ගොඩනැගී ඇතැයි ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

නවීකරණ කර්මාන්ත පද්ධතියක් ගොඩනගමින්, සැබෑ ආර්ථිකයට ප්‍රමුඛ අවධානය යොමුකර නවීන කාර්මිකකරණය ප්‍රවර්ධනය කළ යුතුය. බලවත් නිෂ්පාදන රටක්, ඉහළ ගුණාත්මක රටක්, බලවත් අභ්‍යවකාශ රටක්, බලවත් ප්‍රවාහන රටක්, බලවත් අන්තර්ජාල රටක්, සහ බලවත් ඩිජිටල් රටක් ලෙස චීනය ගොඩනැගීම කඩිනම් කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

සංවර්ධනය කිරීමේදී ජන ජීවිතය සහතික කරමින් යහපත් කිරීමෙහි ද නිරත විය යුතුය. සුන්දර ජීවිතය නිර්මාණය කිරීමට පොදුවේ උත්සාහ දරන ලෙසට ජනතාව දිරිගන්වමින්, ජනතාව එවන් සුන්දර ජීවිතය කෙරේ දරන අපේක්ෂාවන් ඉටු කිරීමට අඛණ්ඩවම වෑයම් දැරිය යුතු බව ෂී ජින්පිං මහතා පවසයි. එහිදී ජනතාව වැඩියෙන් සලකන ඍජුම, ප්‍රායෝගිකම, ඔවුන්ගේ ප්‍රතිලාභයන්ට අදාල ගැටළුවලට දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය. ඒවාවලට විසඳුම් සොයා දීම සඳහා ජනතාව වෙත ගොස් උපරිමයෙන් ක්‍රියා කරමින් වඩාත් ජන ප්‍රතිලාභී පියවර ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම පැවසීය