ආජන්ටිනාවෙත් ජනාධිපති මන්දිරය දක්වා විරෝධතා

ආජන්ටිනාවෙත් ජනාධිපති මන්දිරය දක්වා විරෝධතා

උද්ධමනය ඉහළ යෑම සහ ජාතික ණය බර වැඩි වීමට විරෝධය දක්වමින් ආජන්ටිනාවේ දහස් සංඛ්‍යාත ජනතාව බුවනෝස් අයර්ස් අගනුවර ජනාධිපති මන්දිරය දක්වා පා ගමනක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආහාර මිල ඉහළ යෑමත් සමග දැඩි පීඩාවට පත්ව සිටින එරට ජනතාව රජයට චෝදනා කරමින් මේ පාගමනේ නිරත වූ බව වාර්තා වේ.

සියලු විරෝධතා අවසන් කර මේ අවස්ථාවේ රජයට සහාය දීමට එකමුතු වන ලෙස ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

රජයේ වියදම් පාලනය කිරීමට ජනාධිපතිවරයා අසමත් වී ඇතැයි ප්‍රතිවාදී පක්ෂ රැසක් චෝදනා කර ඇති අතර, ජනාධිපතිවරයාට විරෝධතා පළ කරමින් එරට රජයේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුද පසුගියදා සිය ධුරවලින් ඉවත් වී තිබේ.

දකුණු අමෙරිකාවේ සෝයා සහ බඩ ඉරිඟු ප්‍රධාන නිෂ්පාදකයකු ආජන්ටිනාවේ උද්ධමනය පසුගිය මාසයේදී 60%කට වඩා වැඩි අගයක් ගත් අතර, විදේශ මුදල් සංචිත හිඟවීම සහ ගෑස් ආනයන වියදම් ඉහළ යෑම නිසා දැඩි ආර්ථික අර්බුදයකට මැදි වී සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න