සාමය මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාවක් : බ්‍රික්ස් අමතමින් චීන ජනාධිපති කියයි !

සාමය මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාවක් : බ්‍රික්ස් අමතමින් චීන ජනාධිපති කියයි !

චීන ජනාධිපති ෂී ජින් පිං පසුගිය 22 වනදා බ්‍රික්ස් ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට එක්විය.

වීඩියෝ තාක්ෂණයෙන් සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින් පිං "කාලයේ ප්‍රවණතාව ග්‍රහණය කර ගනිමින් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම" යන මැයෙන් එහිදී ප්‍රධාන දේශනයද පැවැත්වීය.

ජනාධිපතිවරයා පැවසුවේ ඉතිහාසය අපට පවසන්නේ, සාමය මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාවක් වන අතර සෑම පාර්ශ්වයක්ම ඒ වෙනුවෙන් උත්සාහ කිරීම සහ එය පවත්වාගෙන යාම අවශ්‍ය වන බවයි.

සෑම කෙනෙකුම සාමය අගය කර, සාමය ආරක්ෂා කරන විට සහ යුද්ධයේ කටුක පාඩම් සිහිපත් කරන විට පමණක් සාමයට බලාපොරොත්තුවක් තැබිය හැකි වේ.එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මුල් අභිප්‍රාය අමතක නොකළ යුතු අතර සාමය ආරක්ෂා කිරීමේ මෙහෙවර මනසේ තබා ගත යුතු යැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා පැවසීය.
ඉකුත් ශතවර්ෂය තුළ ලෝකයේ ඇති වූ වෙනස්කම් සහ සියවසේ වසංගත තත්ත්වය එකිනෙකට බැඳී ඇති වර්තමානයේදී, විවිධ ආරක්ෂක අභියෝග එකින් එක මතුවෙමින් තිබේ.

ලෝකය ආර්ථික ප්‍රකෘතිය උදෙසා අරගල කරමින් සිටී. ගෝලීය සංවර්ධනය ද බරපතල පසුබෑමකට ලක්ව ඇත. ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුවද, විවෘත වීමේ සහ සංවර්ධනයේ ඓතිහාසික ප්‍රවණතාව හෝ අභියෝගවලට මුහුණ දීම සඳහා එකට වැඩ කිරීමේ ආශාව වෙනස් නොවනු ඇත.

අභියෝගවලට මුහුණ දී නිර්භීතව ඉදිරියට යා යුතුයැයි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නව යුගයේ සංවර්ධනය අත්පත් කර ගනිමින්, සියලු රටවල ජනතාවට ප්‍රතිලාභ ලබා දිය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින් පිං අවධාරණය කළේය.

දිනූෂි ධීරසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න