හැරී කුමරු සහ මෙගන් මාකල් විවාහය ලබන වසන්තයේදී

හැරී කුමරු සහ මෙගන් මාකල් විවාහය ලබන වසන්තයේදී

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මෙගන් මාකල් සමග විවාහ වීමට නියමිත බව ක්ලැරන්ස් හවුස් මන්දිරය නිවේදනය කරයි.

ඔටුන්නට හිමිකම් කියන රාජකීය පවුලේ සාමාජිකයන් අතර පස්වෙනි ස්ථානයේ පසුවන හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙගන් මාකල් සමග මීළඟ වසන්තයේ දී අතිනත ගනු ඇත.
විවාහ වීමෙන් අනතුරුව ඔවුන් දෙපළ ලන්ඩනයේ පිහිටි කෙන්සිංටන් මාලිගයට අයත් නොටිංහැම් කොටේජ් මාලිගයේ වෙසෙනු ඇති බව ඉහත කී නිවේදනයේ දැක්වේ.
හැරී මෙගන් පෙම 2016 වසරේ ජුලි මස ආරම්භ වූ අතර ඔවුන් දෙපළ නොවැම්බර් මස විවාහ ගිවිස ගත්හ.
ඔවුන් දෙපළ ගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳ දැන සිට ඇත්තේ බ්‍රිතාන්‍ය රැජින සහ හැරී කුමරුගේ "සමීපතම පවුලේ සාමාජිකයන්" පමණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හැරී කුමරු කියා සිටියේ තමන් "මහත් ප්‍රීතියෙන්" යුතුව සිය විවාහ ගිවිස ගැනීම පිළිබඳ නිවේදනය කරන බවය.

එමෙන්ම විවාහය සඳහා සිය පෙම්වතියගේ දෙමව්පියන්ගේ ආශීර්වාදය ලැබුණු බවත් හැරී කුමරු නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

හැරී කුමරු සහ මෙගන් මාකල් පෙම්වතුන් යුවලක් වශයෙන් පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ කනිටු පුත් හැරී කුමරු 33 වෙනි වියේ පසු වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න