IS බල ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර සිරියානු ගම්මානයක් වන Al- Shafah ඉලක්ක කරගත් රුසියන් ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් 53 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඊයේ දින සිදුවූ මෙම ප්‍රහාරයෙන් ළමුන් 21 දෙනෙකු මියගොස් ඇතැයි Syrian Observatory for Human Rights නම් නිරීක්ෂණ සංවිධානය පවසයි.
මීට කලින් මෙම සංවිධානය පවසා තිබුණේ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ පුද්ගලයන් 34ක් බවයි.
කෙසේවෙතත්, දිනක් පුරාවට සුන්බුන් අතර සිදුකරනු ලැබූ මුදවා ගැනීමේ මෙහෙයුම් වලින් අනතුරුව තවත් මළසිරුරු හමුවූ බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
