ලොව කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් මෙලොවින් සමුගෙන තිබේ.
76 වෙනි වියේ පසු වූ ස්ටීවන් හෝකින් කේම්බ්‍රිජ්හි පිහිටි තම නිවසේදී බදාදා (මාර්තු 14) උදෑසන අවසන් හුස්ම හෙලූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.
කළු කුහර සහ සාපේක්ෂතාවාදය පිළිබඳ සොයා ගැනීම් සිදුකළ විද්‍යාඥයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ස්ටීවන් හෝකින් විසින් 'A Brief History of Time' ඇතුළු ජනප්‍රිය විද්‍යා ග්‍රන්ථ රාශියක් ලියා පළකරනු ලැබ ඇත.
විද්‍යාඥ හෝකින් ඉතා දුර්ලභ ස්නායු ආබාධයකින් පෙලෙන බව සොයා ගන්නා විට ඔහු 22 වෙනි වියේ පසුවිය.
ඉහත කී ස්නායු ආබාධය හේතුවෙන් ඔහුට ජීවත්වීමට හැකියාව ඇත්තේ තවත් වසර කීපයක් පමණක් බව වෛද්‍යවරුන්ගේ මතය විය.
රෝගී තත්ත්වය ඔහු රෝද පුටුවකට සීමා කළ අතර, කතා කිරීමේ අපහසුතා මතු වූ බැවින් බොහෝ විට සන්නිවේදනය කිරීම සඳහා තාක්ෂණික මෙවලමක් (හඬ සංශ්ලේෂණ උපකරණයක්) භාවිත කිරීමට සිදු විය.

හෝකින් පිළිබඳව කළ සිනමා සහ රූපවාහිනී වැඩසටහන්වල බෙනඩික් කම්බර්බැච් සහ එඩී රෙඩ්මේන් ඔහුගේ චරිතය ප්‍රති නිර්මාණය කළෝය.
"අපගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිළිබඳව අප අතිශයින්ම කනගාටුවට පත්වෙනවා" යනුවෙන් ඔහුගේ දරුවන් වූ ලුසී, රොබට් සහ ටිම් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
"ඔහු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. සුවිශේෂ පුද්ගලයෙක්. ඔහු කළ සේවය සහ දායාද කළ දෙය දීර්ඝ කාලයක් පවතිනු ඇත," යනුවෙන් ඔවුහු තවදුරටත් පවසති.
හොකින්ගේ "වීර්යය සහ අප්‍රතිහත ධෛර්යය" අගයන දරුවෝ, ඔහුගේ "සුවිශේෂීත්වය සහ හාස්‍යය" ලොව පුරා බොහෝ මිනිසුන් දිරිමත් කළ බව සිහිපත් කරති.
"එක් වරක්, 'ඔබේ ආදරණීයයන්ට නිවහනක් නොවන්නට විශ්වය පිළිබඳ වැඩි යමක් නැහැ' යනුවෙන් ඔහු වරක් කිව්වා. අපට ඔහු නොමැති අඩුව හැමදාම දැනේවි."
විශ්ව සම්භවවාදය, සාපෙක්ෂතාවාදයේ සහ ක්වොන්ටම් විද්‍යාවේ එකතුවක් බවට වන හේතු දැක්වීම මුලින්ම කරන ලද්දේ මහාචාර්ය හෝකින් විසිනි.
කළු කුහරවලින් ශක්තිය නිකුත් වන බවත් පසුව එය නැතිවී යන බවත් සොයා ගත් බැවින් පසුකලක එය 'හෝකින් විකිරණය' ලෙස හැඳින් විණි.
විද්‍යාඥයෙකු වශයෙන් ලද ජනප්‍රියත්වය අභිබවමින් මහාචාර්ය හෝකින් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් රාශියකට ද සහභාගී විය.
හෝකින්ගේ චරිතය පිළිබඳ රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට ද බිහිවූ අතර මෑතකදී නිර්මාණයවූ 'The Theory of Everything' චිත්‍රපටයේ හෝකින් ලෙස චරිත නිරූපනය කරන ලද්දේ ඔස්කාර් සම්මාන හිමිකරගත් එඩී රෙඩ්මේන් විසිනි.
සිටීවන් හෝකින්ගේ ජීවිතය;
(බීබීසී සිංහල සේවය)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
