ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරමින් චීන ජනාධිපතිවරයාගේ ධූර කාලය ජීවිතාන්තය තෙක් දීර්ඝ කිරීමේ යෝජනාව පක්ෂ ජන්ද 2958ක් සහිතව පාර්ලිමේන්තුවේදී සම්මතවූ බව වාර්තා වෙයි.
චීන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ එම යෝජනාවට විරුද්ධව ජන්ද 2ක් ලැබී ඇති බවත් සභිකයන් තිදෙනෙක් ජන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
1990 වසරේ සිට චීන ව්‍යවස්ථාව අනුව පැවතියේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර දෙකක් ලෙස වුවත් ආදාළ යෝජනාව සාම්මතවූ බැවින් මෙතැන් පටන් ජීවිත කාලය දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට වත්මන් ජනාධිපති ෂී ජින්පින්ට සහ ඔහුට පසුව එමා ධුරයට පත්වන පිරිසට අවස්ථාව හිමිවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
