Language Switcher

V2025

ඉන්දියාවේ කළු දිලීරය වසංගතයක් වෙයි

කොරෝනා වසංගතයත් සමග වර්ධනය වන මාරාන්තික කළු දිලීර රෝගය වැලදුණු පුද්ගලයන් 8800 කට වැඩි පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

මෙම දුර්ලබ ආසාදනය සමගම කොරෝනා මරණ අනුපාතය සියයට පනහකින් වැඩි වන බව වෛද්‍යවරුන් සදහන් කරයි.

ඉන්දියාවේ කොවිඩ් 19 වයිරසය වැළදීමෙන් අනතුරුව කළු දිලීර රෝගයට ද විශාල පිරිසක් ගොදුරු වී තිබේ. දියවැඩියා රෝගීන් මෙම දිලීර රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ අවධානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.