නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ උතුරු දුපත් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පන තුනක් සිදුව තිබේ.

ඉන් ප්‍රබලත්වයෙන් වැඩිම භූ කම්පනය කර්මැඩික් දුපත් ආශ්‍රිතව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 8.1 ක් ලෙස සටහන්ව තිබේ.

භූ කම්පන තත්වයන් හේතුවෙන් එරට උතුරු වෙරළ බඩ කළාපයේ පදිංචිකරුවන් එම ස්ථානවලින් ඉවත් කිරීමට ද පියවරගෙන තිබුණි.

එම තත්වයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ අතර අවදානම පහවයෑම හේතුවෙන් එම අනතුරු ඇඟවීම් ඉවත් කරගැනීමට නවසීලන්ත බලධාරීන් පියවරගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න