අපේ රටේ ජනතාවට වම එපා වූයේ 70 – 77 කාලයේ දී යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එදා එලෙස වූයේ ඒ වන විට සිටි වාමාංශික නායකයින් ලෝක ආර්ථිකය නිවැරැදිව හඳනාගෙන නොසිටි බැවින් බවත් වර්තමානයේ සිටින වාමාංශික නායකයින් පවා මේ වන විට පවතින ලෝක ආර්ථිකය වටහා ගෙන ඇති ද යන්න පවා සැක සහිත බව ද හෙතෙම අවධාරණය කළේ ය
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටට ව්‍යසනයක් පැමිණි අවස්ථාවල දී අපි රටක් ලෙස එකතු නොවන්නේ ඇයි දැයි ඇතැම් අය ප්‍රශ්න කළ ද දේශපාලනික වශයෙන් විවිධ අවස්ථාවල දී අපේ රටේ පක්ෂ විපක්ෂ එකතු වී ඇති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

