Image

"කාවන්තිස්ස හස්තියාගේ මරණය ඝාතනයක්" – පරිසරවේදී නයනක රන්වැල්ල

"කාවන්තිස්ස හස්තියාගේ මරණය ඝාතනයක්" – පරිසරවේදී නයනක රන්වැල්ල

කාවන්තිස්ස හස්තියාගේ මිය යෑම ඝාතනයක් බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

මිය ගිය කාවන්තිස්ස හස්තියාට නිසි ලෙස ප්‍රතිකාර නොලැබුණු බවත්, හස්තියා මියයාම සම්බන්ධයෙන් ස්වාධීන මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

වෙඩි තැබූ අය මෙන්ම අධි මාත්‍රාවෙන් හස්තියාට බෙහෙත් දුන් අය පිළිබඳව වහාම විමර්ශනය කර දඬුවම් දිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

හස්තියාට වෙඩි තැබූ දිනය පැහැදිලි අතර විශේෂයෙන්ම හස්තියාගේ ශරීරයේ මූනිස්සම් තිබෙනවා නම් එම ගිනි අවිය කාගේද යන්න සොයා බැලිය හැකි බවද, ඒ අනුව හස්තියාට වෙඩිතැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

ලංකාවේ විශාලතම දළ යුගල සහිත හස්තියා ලෙස සැලකෙන කාවන්තිස්ස හස්තියා ඉකුත් දා (16) රාත්‍රියේ මියගිය අතර මෙම හස්තියාට ගල්ගමුව - සියඹලන්ගමුව ප්‍රදේශයේ වෙල්යායක වැටී සිටියදී ප්‍රතිකාර කිරීම ආරම්භ කරන ලද්දේ වනජීවී නිලධාරීන් හා යුද හමුදාව මැදිහත්වීමෙනි. හස්තියාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය දින කිහිපයේ සිට මෙලෙස ප්‍රතිකාර කරමින් සිටින අතරතුර හස්තියා ජීවිතක්ෂයට පත් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න