අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ 'කාවන්තිස්ස' ඇතාගේ මරණයේ වගකීම භාරගෙන වනජීවී අමාත්යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් වහාම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව 'රට රකින පරපුර' සංවිධානය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
වත්මන් පාලනය බලයට පැමිණි දා සිට වන අලි සිය ගණනකගේ ජීවිත අහිමි වී ඇති බව පෙන්වා දෙන එම සංවිධනය, වසර දෙකක දේශපාලන ජයග්රහණ සමරන පාලකයන්ට මෙරට වන අලින්ගේ ජීවිත සුරැකීම වෙනුවෙන් කළ හැකි වූයේ කුමක්දැයි අපි ප්රශ්න කර සිටී.
'කාවන්තිස්ස' යනු හුදු වන අලියෙකු පමණක් නොව ශ්රී ලංකාවේ වනාන්තරවල රජ කළ අතිශය ආකර්ෂණීය ඇත් රජෙකු බවත්, උගේ මරණය වනජීවී සංරක්ෂණයේ වගකීම් ඉටු වන්නේද යන්න පිළිබඳ සමස්ත පාලන පද්ධතියටම එල්ල වන බරපතළ අභියෝගයක් බව අදාළ නිවේදනයේ සඳහන්.
එබැවින් මෙම මරණය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වා, සත්යය ජනතාවට හෙළි කරන ලෙසත්, දේශපාලන හා පරිපාලන වගකීම භාරගෙන වනජීවී අමාත්යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් ඉල්ලා අස්වන ලෙසත් අපි බල කර සිටින බවත් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.
අදළ නිවේදනය පහළින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
