නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක ජයක් පාකිස්තානයට

නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක ජයක් පාකිස්තානයට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවති පළමු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

අවසන් පන්දුවාරය දක්වා ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ, ‍නෙදර්ලන්තයෙන් හිමිවූ ලකුණු 148ක ඉලක්කය කඩුලු 7ක් දැවී පන්දු 3ක් ඉතිරිව තිබියදී පාකිස්තානය අසීරුවෙන් පසුකර ගියේය.

එහිදී අංක 8 පිතිකරුවා වූ ෆහීම් අෂ්රෆ් පන්දු 11කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 29ක් රැස් කිරීමට සමත් විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් ඇතුළත් විය.

ෆහීම් මෙහිදී ෂහීන් අෆ්රිඩි සමගින් 8වන කඩුල්ලට පන්දු 20කින් ලකුණු 34ක සබඳතාවක්ද පැවැත්වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් විය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න