තරග පරාජයත් සමගින් ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි

තරග පරාජයත් සමගින් ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි

පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියේ අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට ඊයේ (14) සමුදුන්නේය.

17 වතාවක් WWE ශූරයා වූ ජෝන් සීනා සිය අවසන් තරගය ක්‍රීඩා කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන 'GUNTHER එරෙහිවය.

කෙසේ නමුත් එම තරගයෙන් ජෝන් සීනා පරාජයට පත්වූ අතර ඔහුගේ පරාජය ප්‍රේක්ෂකාගාරය පුදුමයට මෙන්ම නිහඬතාවක්ද ඇති කළේය.

තරගයෙන් පසු WWE සියලුම ක්‍රීඩකයින් ඔහුට සමුදීමට පැමිණි අතර රෙස්ලිං ශූරයින් වූ කෝට් රෝඩ්ස් සහ CM පන්ක් ඔවුන්ගේ ශූරතා සීනාගේ කරමත තබමින් ඔහුට ආචාර කරනු දක්නට ලැබුණි.

තරගයෙන් පසුව ජෝන් සීනා සිය ප්‍රේක්ෂකයින්ට හිස නමා ආචාර කරමින් තමන්ගේ වෘත්තිය දිවිය අවසන් කරන බව අවසන් කරන බවට නිවේදනය කළේ තමා දරා සිටි අත්පටි සහ සපත්තු රෙස්ලිං වළල්ලේ තබා බැස යාමත් සමගිනි.

ජෝන් සීනා රෙස්ලිං වළල්ලේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන අතර ඔහු ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛායත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට පත්වූ චරිතයක් ද විය.

මෙම තරගය සම්බන්ධව අදහස් දක්වා ඇති බොහෝ පාර්ශ්වයන් සඳහන් කර ඇත්තේ මෑත කාලීනව මතකයේ පැවැති වඩාත් තියුණුම තරඟය මෙය වනු ඇති බවය.

එමෙන්ම මෙම තරගය නැරඹීම සඳහා ප්‍රෙක්ෂකයින් රැසක් ක්‍රීඩාංගනය තුළට මෙන්ම ක්‍රීඩාංගනයෙන් එළියෙද සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

රෙස්ලිං ක්‍රීඩාවේ අමතක කළ නොහැකි සංදිස්ථාන රැසක් සනිටුහන්කර ඇති ජෝන් සීනා, 2001 සිට වසරේ WWE රෙස්ලිං වළල්ලේ රැඳී සිටියේය.

ඔහු 17 වතාවක් WWE ශූරතා හිමිකරගෙන ඇති අතර, එය ක්‍රීඩකයෙකු දිනා ඇති වැඩිම ශූරතාව සංඛ්‍යාවද විය.

අඩි 6යි අඟල් 1(185cm)ක් උස, කිලෝග්‍රෑම් 114ක් බර දැඩි දේහධාරී පෙනුමක් ඇති ජෝන් සීනා, මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවේ.


(aruna.lk)


John Cena’s Final WWE Match Ends In Brutal Loss—And Fans Aren’t Happy

WWE, Triple H Face Backlash Over John Cena Last Match Finish: ‘Cena Deserved Better’



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න