හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
සිද්ධියට අදාල නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවූ අතර, ඇප මත මුදා හැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණයේ පෙනී සිටියේය.
එම අවස්ථාවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නඩුව කල් තැබීමට අධිකරණය නියම කළේය.
දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
