වයිෆ් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කරපු ෆිල්ම් එකක් - ශමීර නාඔටුන්න| (video)

වයිෆ් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කරපු ෆිල්ම් එකක් - ශමීර නාඔටුන්න| (video)

“වයිෆ්” චිත්‍රපටය මුල් අවස්ථාවේ ලංකාවේ බහුතරයක් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කළ බවත්, චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලැබුනේ පසුව බවත්  “වයිෆ්” චිත්‍රපටයේ  අධ්‍යක්ෂක  ශමීර නාඔටුන්න පවසනවා.

ශමීර මේ අදහස් පළ කළේ මෙවර ‘mirror arts’ (Behind the Lens) කතා බහ සමග එක් වෙමින්.

ඒ “වයිෆ්” චිත්‍රපටය මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද දිවයින පුරා සිනමා ශාලා වල  ප්‍රදර්ශනය වන අතරවාරයේදීයි.

මීට පෙර ‘මෝටර් බයිසිකල්’,‘සිහින නෙලුම් මල්’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළේ ද ශමීර නාඔටුන්න විසින්. එම චිත්‍රපට වෙනුවෙන් ඔහු සම්මාන රැසකටත් පාත්‍ර උනා.

ඉතින්, මෙවර කතා බහ සමග එක් වෙමින් ශමීර ‘wife’ චිත්‍රපටය නිර්මාණය වූ කාලසීමාවේ සිට චිත්‍රපටය තිරගත කිරීම දක්වා බොහෝ අත්දැකීම් අපත් සමග බෙදා හදා ගත්තා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මෙරට ජනප්‍රිය නළු- නිළි දෙපලක් වන හේමාල් රණසිංහ හා උදාරි වර්ණකුලසූරිය විසින්.

wife

ඉතින්, මේ තරු යුගළය සමග වැඩ කිරිමට ලැබුණු අත්දැකීම් පිළිබඳවත් ඔහු අපත් සමග පැවැසුවා.

වර්තමානයේ සමාජයේ විවාහක යුවළවල දික්කසාදය සමාජ ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති බවත් “වයිෆ්” චිත්‍රපටය හරහා තමන් උත්සාහ කළේ මෙම ප්‍රශ්න දෙස වෙනස් ආකාරයකින් බැලීමට බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම වර්තමාන සමාජයේ බොහෝ දෙනා අඩු වැඩි වශයෙන් මුහුණ දෙන පොඳු අත්දැකීම් මත මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇති නිසා චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයන්  වඩාත් සමීපව දැනෙන්නෙට හේතුවක් වී ඇති බවද ඔහු සදහන් කළා.

dev

සමීර නාඔටුන්න සහභාගී  වූ සම්පූර්ණ කතා බහ දැන් ඔබට 'mirror arts' යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතා බහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

සටහන -යුමාල් කසුන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න