1980 වකවානුවෙන් අනතුරුව ළමයි ඉගෙන නොගන්නා තත්ත්වයට පත් වුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කළ දීප්ති පැවසුවේ 1980 වකවානුවට පෙර ළමයි පාසල් පැමිණියේ ඉගෙන ගැනීම සඳහා වන අතර ගුරුවරු කළේ ඔවුන්ට සහයෝගය දැක්වීම පමණක් බවයි.
1945 දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝකයේ පාලකයින් බවට පත්වූයේ ක්‍රේම්බිජ් සහ ඔක්ස්රේඩ් යන විශ්වවිද්‍යාලවල ඉගෙනගත් අය යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසි ය.
උදාහරණ ලෙස මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු සහ එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක යන අය පෙන්වා දිය හැකි බව ද විපුළ අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

