පුවත්

රූපවාහිනීයට පැන්න ධානීෂ්ට ඇප !
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කළ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගල නායකයකු බව කියන ධානිශ් අලී ඇප මත නිදහස් කර ඇත .
මෙම සිද්ධියට අදාළ පොදු දේපල දේපළ පනත ප්‍රකාරව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන බවට සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (15) ඇප ලබාදීම සිදුකර ඇත .
ඒ අනුව රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීම සිදුකර ඇත .
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියම කර ඇත .
මෙම සැකකරු විදේශගත වීමට සූදානම්ව ගුවන් යානයක රැඳී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය.
අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ප්‍රකාරව අත්අඩංගුවට ගත් මෙම සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඉකුත් 27 වැනිදාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත පොලිසිය මගිනි.
එසේම, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කලැයි කියන සිද්ධියට අදාළව ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

ඇමති නිමල් සිරිපාල ගැන අල්ලස් පරීක්ෂණයක් !
දූෂණ විරෝධී පෙරමුණ විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව සිදුකර ඇති අල්ලස් පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හා දූෂණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට ජපාන සමාගමකින් අල්ලස් මුදල් ඉල්ලූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙහි මූලික ප්‍රකාශ සටහන් කරගැනීම මෙම සතියේ දී සිදුකිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද කොමිසමට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත .
එමෙන්ම කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයෙන් හා ජපාන තායිසේ සමාගමෙන්ද කරුණු විමසීම නියමිතව ඇති බවත් වාර්තා වෙයි .
කෙසේ වුවත් මේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කමිටුවක් පත්කර විමර්ශන වාර්තාවක් කැඳවූ අතර එහිදී අමාත්‍යවරයා නිර්දෝෂී බව වාර්තා කර තිබිණ .
එකී විමර්ශන අවසන් වන තුරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී සිටියේය .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , කිසියම් අමාත්‍යවරයකු වෙත චෝදනාවක් එල්ල වූ විට මේ ආකාරයට ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවය.
එසේම මේ විමර්ශන දීර්ඝ කාලයක් ගත නොකර කඩිනමින් අවසන් කිරීමත් අතිශය වැදගත් බව දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

ඇමති නිමල් සිරිපාල ගැන අල්ලස් පරීක්ෂණයක් !
දූෂණ විරෝධී පෙරමුණ විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව සිදුකර ඇති අල්ලස් පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හා දූෂණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට ජපාන සමාගමකින් අල්ලස් මුදල් ඉල්ලූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙහි මූලික ප්‍රකාශ සටහන් කරගැනීම මෙම සතියේ දී සිදුකිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද කොමිසමට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත .
එමෙන්ම කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයෙන් හා ජපාන තායිසේ සමාගමෙන්ද කරුණු විමසීම නියමිතව ඇති බවත් වාර්තා වෙයි .
කෙසේ වුවත් මේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කමිටුවක් පත්කර විමර්ශන වාර්තාවක් කැඳවූ අතර එහිදී අමාත්‍යවරයා නිර්දෝෂී බව වාර්තා කර තිබිණ .
එකී විමර්ශන අවසන් වන තුරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී සිටියේය .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , කිසියම් අමාත්‍යවරයකු වෙත චෝදනාවක් එල්ල වූ විට මේ ආකාරයට ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවය.
එසේම මේ විමර්ශන දීර්ඝ කාලයක් ගත නොකර කඩිනමින් අවසන් කිරීමත් අතිශය වැදගත් බව දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

පසුගිය වසර දෙකේ පරිපාලනය සිපෙට්කෝ බංකොලොත් කළා : පොහොට්ටු වෘත්තීය සමිති නායකයා !
ගෙවුණු වසර දෙකක කාලය තුළ සංස්ථාවේ ඇතැම් පරිපාලකයන් ගත් තීන්දු තීරණ මෙන්ම ඉතිහාසය ගත් දේශපාලන තීන්දු නිසා අද සංස්ථාව බංකොලොත් වී ඇති බව පොදුජන පෙරමුණට අනුබද්ධ එම සංස්ථාවේ වෘත්තීය සමිති නායකයා වන බන්දුල සමන් කුමාර චෝදනා කරයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දේශපාලකයන් විසින් විනාශ කළ බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.
පොදුජන පෙරමුණට අනුබද්ධ එම සංස්ථාවේ වෘත්තීය සමිති නායකයා වන බන්දුල සමන් කුමාර මෙසේ චෝදනා නැගුවේ youtube නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඛනිජ තෙල් මිල වැඩි නොකොට පාඩු ලබමින් තෙල් අලවි කිරීම මෙම අර්බුදය නිර්මාණය වූ බවද ඔහු කියා පවසයි .

ඉන්ධන මිල පහළ යයි : විදුලි කප්පාදුව දීර්ඝ වෙයි ?
මිල සූත‍්‍රයකට අනුව දෙසතියකට වරක් සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද (15) සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි .
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලෝක වෙළෙඳ පොළේ මෑත කාලයේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවය.
ඒ අනුව වාර්තා වන ආකාරයට අද දින ඉන්ධන මිල යම් අඩුවීමක් සිදුවීමට ඉඩ ඇත .
විදුලි කප්පාදුව දීර්ඝ වෙයි !
මේ අතර දෛනික විදුලි කප්පාදුව පැය තුනක පමණ කාලයක් දක්වා ඉහළ නැංවීමට සිදුව ඇති බවත් වාර්තා වෙයි.
මීට හේතුව ලෙස වාර්තා වන්නේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජන යන්ත්‍රයක බිඳවැටීමයි.
නොරොච්චෝල බලාගාරයේ මේ වන විටත් එක් ජන යන්ත්‍රයක් නඩත්තු කටයුත්තකට නවතා දමා ඇති අතර දැනට ක්‍රියාකාරී වන්නේ එක් ජන යන්ත්‍රයක් පමණි.

'මංකිපොක්ස්' හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ !
වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.
ඔබ, 'මංකිපොක්ස්' බවට සැක කල හැකි රෝගියෙක් ද? 'මංකිපොක්ස්' රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙන්ම ඒ ඒ අවස්ථා වලදී කල යුත්තේ කුමක් දැයි යන අවබෝධයත් ඔබ වෙත සමීප කිරීම මෙම සටහනේ අරමුණයි.
👉 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි පුද්ගලයින් ( Suspected cases - Monkeypox) වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි,
එක් වරම හටගත් සමේ කුෂ්ට තත්වයක් සමඟ,
හිසරදය
එක්වරම හටගත් උණ
වසාගැටිති ඉදිමුම
මස් පිඩු වේදනාව
කොන්දේ වේදනාව
තදබල තෙහෙට්ටු ස්වභාවය
යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම පුද්ගලයා 'මංකි පොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි අයෙකු ලෙස සැලකෙනවා.
කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ සහිත පුද්ගලයෙක් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා.
👉 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි පුද්ගලයින් ( Probable cases - Monkeypox)
පෙර කී රෝග ලක්ෂණ අනුව 'මංකි පොක්ස්' බවට සැක කෙරෙන පුද්ගලයෙක්,
තහවුරු කල 'මංකි පොක්ස්' රෝගියෙකුගේ සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රෝග ලක්ෂණ හටහැනීමට දින 21ක් ඇතුලත, නාඳුනන අයෙකු සමඟ හෝ එක් අයෙකුට වැඩි දෙනෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මඟින් මංකිපොක්ස් වෛරසය අයත් වෛරස කාණ්ඩයට අදාල ප්‍රතිඵල ලැබේ නම්
ඔහු හෝ ඇය, 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙනවා.
දැනට යමෙකු 'මංකි පොක්ස් රෝගියෙකු' බවට නිශ්චිතවම තහවුරු කල හැක්කේ සමෙහි ඇති වූ තුවාල වල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්‍රයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණයක් මඟින් පමණයි.
👉 'මංකි පොක්ස්' ආශ්‍රිතයින් (Contacts - Monkeypox )
මුල්ම රෝග ලක්ෂණය හටගැනීමේ පටන් තුවාල වියලී, කබොලු සියල්ලම හැලී යන තුරු 'මංකිපොක්ස්' රෝගියෙකු වාහකයෙක් විය හැකියි. එම වාහක කාලය තුල ඉහත විස්තරකල ' 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි' හෝ ' 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි ' කෙනෙකු,
මුහුණට මුහුණලා සමීපව ඇසුරු කලහොත් හෝ
ඉතා සමීප ශාරීරික සබඳතා පැවැත්වුවහොත් හෝ
පරිහරණය කල උපකරණ හෝ ඇඳ ඇතිරිලි යනාදිය භාවිතා කලොත්
එම පිරිස ආශ්‍රිතයින්, ලෙස සැළකෙනවා.
රෝග ලක්ෂණ කිසිවක් නැති ආශ්‍රිතයින්, සෞඛ්‍ය උපදෙස් අනුව දින 21 ගතවන තෙක් පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර රෝග ලක්ෂණ එකක් හෝ හටහතහොත් වහාම අන් අයගෙන් වෙන් වී උපදෙස් අනුව කටයුතු කල යුතු වනවා.
ඔබත් මංකිපොක්ස් ආශ්‍රිතයෙකු වුවහොත් ඔබ කලයුතු දෑ පිළිබඳ වැඩිදුර විස්තර පියවරෙන් පියවර මීලඟ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. එතෙක් මේ වසංගත අවදානම පිළිබඳ දැනුවත් ඔබ සියලු දෙනා, ඔබේත් ඔබේ ආදරණීයන්ගේත් සෞඛ්‍යය පිළිබඳව විමසිල්ලෙන් පසුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය

වියදම් සීමා කරන්න : ජනාධිපති නියමයෙන් චක්‍රලේෙඛයක් !
රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
වාර්තා වන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන ඇත .
වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද දැනුම් දී ඇත.
රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම් වලට එළඹීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට සහ රජයේ අවශ්‍යතා සඳහා වන වාහන සඳහා පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ .
එමෙන්ම කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත .
රාජ්‍ය ආයතන වල ඉන්ධන,විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පැනවීමට ද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන අතර සමාජයේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව උදෙසා සහනයක් සැලසීමට නම් හැකි තරම් කැපකිරීම් කර රාජ්‍ය අංශය ද ආදර්ශයක් ලබා දිය යුතු බව දැනුම් දී තිබේ.

චිත්‍රපට සංස්ථාව වහයි : කොමිසමක් එයි !
දැනට ක්‍රියාත්මක වන චිත්‍රපට සංස්ථාවෙන් අපේක්ෂිත අරමුණු ඉටුනොවන නිසා සංස්ථාව අහෝසි කිරීමට බලධාරීන් තීන්දු කර ඇත .
ඒ අනුව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ චිත්‍රපට සංස්ථාව වෙනුවට ඉදිරියේදී ජාතික චිත්‍රපට නියාමන කොමිසමක් ගෙනෙන බවය.
ජාතික සිනමා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශයක් අනුව මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පවසයි .
චිත්‍රපට නිෂ්පාදනය ආනයනය, ප්‍රදර්ශනය සහ බෙදාහැරීම යන කටයුතු චිත්‍රපට නියාමන කොමිසමට පැවරෙන ප්‍රධාන වගකීම් වනු ඇති බවද අමාත්‍ය ගුණවර්ධන අවධාරණය කරයි.

ආර්ථිකය ගොඩදාන හර්ෂගේ සැලැස්ම මෙන්න !
පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව රට ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සම්පාදනය කළ “ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම“ යන ආර්ථික වැඩපිළිවෙල පසුගියදා ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද (14) උදෑසන ඒ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කළේය.
එහිදී, ඔහු සඳහන් කළේ මෙම ආර්ථික සැලැස්ම ප්‍රතිසංස්කරණය කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර 10 ක් හඳුනා ගනිමින් සකස් කර තිබෙන බවයි.
ණය අර්බුදය කළමණාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, රාජ්‍ය අංශය කළමනාකරණය, බලශක්ති සහ මහජන උපයෝගීතා, වෙළෙඳාම, කර්මාන්ත, කාෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය, විනිවිදභාවය සහ වගවීම මෙම අංශ අතරට ඇතුළත් වේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් සම්පාදනය කර තිබෙන මෙම ආර්ථික සැලැස්ම ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ඒකකය මඟින් අනුමත කර ඇත.
මෙම ආර්ථික සැලැස්ම නිර්මාණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ඒකකයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද සහභාගී වී තිබෙන අතර මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරාළ ද මේ සඳහා උපදෙස් ලබාදී තිබේ.
එසේම, මෙය සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් කණ්ඩායම් 08 කගේ යෝජනා පාදක කර ගනිමින් (Advocata ආයතනය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඇල්ලේ ගුණවංශ හිමියන්, ස්වාධීන ආර්ථික විද්‍යාඥයින්, සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය, NPP, SJB , 43 කණ්ඩායම) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ව්‍යාපාරික ප්‍රමුඛයන් ගේ අදහස්ද විමසා සම්පාදනය කර ඇත.
මෙම සැලසුම පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙසේ පැවසීය .
“මෙය කෙටි කාලීන සහ මධ්‍ය කාලීන ආර්ථික සැලැස්මක්. ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වන අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කර මෙය ගොඩනැගීමේ වගකීම මට පැවරුණා. මේ සඳහා විපක්ෂයේ බොහෝ පක්ෂවල අනුමැතිය තිබෙනවා. මේ නිසා, මම ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ වැඩපිළිවෙල වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න කියලයි. සාමාන්‍යයෙන් ආණ්ඩුව තමයි මෙවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුත්තේ. අපිට දැන් පක්ෂ, විපක්ෂ කිය කිය ඉන්න කාලයක් නෑ. මේ ආර්ථික සැලැස්ම විශේෂඥයින් විසින් සම්පාදනය කරපු එකක්. ඒක නිසා, වහාම මේක ක්‍රියාත්මක කරන්න. නැත්නම්, ආණ්ඩුව ඔවුන්ගේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරන්න. අපිට කල් මරන්න කාලයක් නෑ.“
මෙම ආර්ථික සැලසුමෙහි පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාද ඇතුළත් වන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ මේ අවස්ථාවේ රට ගොඩගැනීම සඳහා අකමැත්තෙන් වුවද තිත්ත බෙහෙත් බීමට සිදුවන බවයි.

විදුලි කප්පාදුවේ වෙනසක් !
අගෝස්තු 15 සහ 16 යන දෙදින තුළ විදුලිය කප්පාදු කෙරෙන කාලසීමාව සංශෝධනය කර තිබේ .
ඒ අනුව හෙට සහ අනිද්දා පැයයි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ඒ අනුව A සිට L දක්වා වූ කලාපවලට සහ P සිට W දක්වා කලාප වලටත් හෙට පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කෙරෙනු ඇති බව සඳහන් වෙයි .

සංවිධාන 6කට පුද්ගලයන් 316 කට : පනවා තිබූ තහනම ඉවතට !
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත්කර ඇත .
මේ ආකාරයට තහනම ඉවත් කර ඇති ජාත්‍යන්තර දෙමළ සංවිධාන වන්නේ ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍යය දමිළ සංසදය නම් සංවිධානයි.
තවදුරටත් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන ලෙස සංවිධාන 15 ක් හා පුද්ගලයින් 316 ක් නම් කර අසාධු ලේඛණගත කර තිබේ .
අසාධු ලේඛණයට තවත් සංවිධාන 03 ක් ද එක් කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත .
ඒ අනුව දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර්, මොස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රාසා හෙවත් දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය හෙවත් ජමියා සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය එලෙස අසාධු ලේඛණගත කර ඇත .

ජනාධිපතිව පිළිගන්න කාදිනල්ගෙන් කොන්දේසියක් !
ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත්, ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත්, ඒ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා ඇතැයි කී කොළඹ අගරදගුරුතුමෝ තමන් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත් පමණක් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි .
ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි ද කාදිනල් හිමි පවසයි .
කාදිනල් හිමි මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදල පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙත ලබාදීම වෙනුවෙන් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී අද (14) පැවති උත්සවයට එක්වෙමිනි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස පාප්වහන්සේ ද කිහිප වරක් ඉල්ලා ඇතත්, ශ්‍රීලංකාවේ යුක්තිය ඉටුවීම ඉතාමත් දුර්ලභ බවත් එයට හේතුව දේශපාලන නායකයන් නීතියට ඇඟිලි ගැසීම බවත් කාදිනල් පැවසීය .
පොලීසියේ උසස් නිලධාරියෙක් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට සුදානම් ව සිටියදී බලගතු පුද්ගලයන් මරන්න කුමන්ත්‍රණය කළ බවට බොරු චෝදනා එල්ල කර එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රහාරකයන්ට ඉදිරියට යාමට නිදහස දුන් අය ද සහරාන් හෂීම් මෙන්ම මෙම ප්‍රහාරයට වගකිව යුතු බවත් කාදිනල් හිමි වැඩිදුරටත් පැවසීය .

සර්ව පාක්ෂික ආණ්ඩුවකට : විපක්ෂයේ 16ක් ආණ්ඩුවට !
සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් සහ සමගි ජන බලවේගයට සම්බන්ධ හවුල්කාර සුළු පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීන් 16 දෙනෙක් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලනඅංශ ආරංචි මාර්ග කියයි
එම කණ්ඩායම කෑගල්ල, රත්නපුර, නුවරඑළිය යන ප්‍රදේශත්, ජාතික ලැයිස්තුවත් නියෝජනය කරන අය බව සඳහන් වේ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වන එම පක්ෂයේ කිහිප දෙනකු ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇතැයි ද සඳහන් වේ.
කෙසේ වෙතත් එළඹෙන සතිය අවසානයේ සර්ව පාක්ෂික ආණ්ඩුවට කැමැත්ත සහ අකමැත්ත පළ කරන පක්ෂවල අවසන් තීන්දුව ගන්නා බවත් ඉන් පසුව එන සතියේදී සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන බවත් කම්කරැ අමාත්‍ය මනූෂ නානායක්කාර දේශයට පැවසීය.
-Deshaya

චීන නැව ගැන විදෙස් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් !
ශ‍්‍රී ලංකාව බලා එන ‘යුවාන් වැන්ග් 5’ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විදේශ අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය පහත දැක්වෙයි .

22 නම් මොනාද ? රනිල් රාජපක්ෂ මාව ඇරෙස්ට් කරං ඩෝ !
සමහර දේශපාලන සරණාගතයන්ගේ මේ මොහොතේ වෛරයට බඳුන්ව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. ඒ වෛරය කොතරම් ද කියතොත් ඔවුන් ජනාධිපතිවරයා හඳුන්වන්නේ රනිල් රාජපක්ෂ නමිනි.



අ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සාමාජිකයන් ලෙස පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව තෝරා ගැනීම වෙනුවට,
I) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බහුතරයේ එකඟත්වයෙන් මන්ත්‍රීවරයකු තෝරා ගැනීම.
2) විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අයත් දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරු විසින් බහුතරයේ එකඟත්වය මත මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීම.
3) ඉහත කී දේශපාලන කණ්ඩායම් දෙක නොවන අනෙකුත් කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන් විසින් බහුතරයේ එකඟත්වයෙන් මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීම.
ආ) සමාජයෙන් පත් කරනු ලබන තිදෙනා පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීමකින් තොරව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ එකඟතාවය ඇතිව නිර්පාක්ෂික විද්වතුන් පත්කර ගැනීම.
1) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීම (41) ඇ) ව්‍යවස්ථාව)
මහ බැංකුවේ අධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු ය. ( මූල්‍ය මණ්ඩලයේ නිල නොවන සාමාජිකයන් පත් කිරීමේදී එසේ අනුමැතිය ලබා ගත යුතු බවට ප්‍රතිපාදන 2002 මූල්‍ය මණ්ඩල සංශෝධන පනතේ ඇතුළත්ව ඇත. )
2) 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එවකට ජනාධිපතිවරයාට අන්තර්කාලීන ජාන මගින් ආරක්ෂක මහවැලි සහ පරිසර අමාත්‍යාංශය දැරිය හැකි ව තිබුණි. 22 වන සංශෝධනය මගින් එය ආරක්ෂක අමාත්‍යංශයට පමණක් සීමා කර ඇත.
3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරනු ලබන්නන් ගේ නම් න්‍යාය පත්‍රයට ඇතුළත් කළ දින සිට දින හතක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. (121(1) ව්‍යවස්ථාව) 22වන සංශෝධනය මගින් එය දින 14ක් දක්වා දිගු කිරීම මගින් ව්‍යවස්ථා සම්පාදනයට මහජනතාවට සහභාගි වීමට ඇති ඉඩකඩ පුළුල් වී ඇත.
4) දූෂණයට එරෙහි නීති
විසි දෙවන සංශෝධනය මගින් ශ්‍රී ලංකාව පාර්ශවයක් වන දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ දූෂණය වැළැක්වීමට අදාළ වෙනත් ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කරන බවට ඇති ප්‍රතිපාදන අනුව දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. එමගින් අල්ලස් දූෂණ කොමිෂන් සභා නීතිය සහ වත්කම් බැරකම් ප්‍රකාශ නීතිය යාවත්කාලීන වනු ඇත.
52(3) අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ධූර දැරීම අමාත්‍ය මණ්ඩලය විසිර ගිය විට නතර විය යුතු නමුත් යෝජිත සංශෝධනය අනුව ඔවුන් දිගටම එම ධුරයේ කටයුතු කරනු ඇත.
ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරීම නුසුදුසු භාවය ඇතුළත් කොට ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් ගුණාංග රඳවා තබා ගැනීම:
1) 78(3) ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ දී පනත් කෙටුම්පතක ට සංශෝධන ඉදිරිපත් කිරිමේ දී පනත් කෙටුම්පතේ හරයට සහ මූලධර්ම වලට පරිබාහිර සංශෝධනයක් ඇතුළත් නොකළ යුතුය යන ප්‍රතිපාදන එලෙස ම පවත්වාගෙන යනු ලැබේ.
2) 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ තීරණයක් ශ්‍රේෂ්ඨාකධිරණය ඉදිරිපත් කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් මඟින් අභියෝගයකට ලක්කළ හැකි බවට ප්‍රතිපදාන සැලසුණි.
එහෙත් 20 වන සංශෝදධනයෙන් හඳුන්වා දුන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(3) අනුව ජනාධිපතිවරයාගේ විෂයකට අදාළ කාරණයක් සම්බන්ධයෙන් කුමන හෝ අධිකරණ බලය ඇති අධිකරණයක නඩු පැවරීමේ බලය ඇති බවට පුළුල් කර ඇත. එය එලෙසම පවත්වා ගෙන යනු ලැබේ.
3) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රේෂඨාකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 17 ක් දක්වා ද වැඩි කරන ලදී. එය එසේම පවත්වා ගෙන යනු ඇත.

බොර තෙල් නැවක් අදත් එනවා : QR සිස්ටම් කැඩුවොත් බලාගෙනයි !
බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද(13) රාත්‍රී කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි .
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ හෙට (14) එහි ප්‍රමිති කටයුතු සිදුකෙරෙන බවය.
එසේම බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000ක් රැගත් නෞකාවක් අගෝස්තු 23-29 අතර පැමිණීමට නියමිත බවත් වාර්තා වෙයි .
මෙම නෞකා දෙකම රුසියානු යුරල්ස් බොරතෙල් වන අතර කඩිනමින් පිරිපහදුව ආරම්භ කිරීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
මේ අතර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුව අද උදෑසන කොලොන්නාව ඛණිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේදී පවත්වන ලදි.
මෙහිදී සියලුම පිරවුම්හල් වෙත බෙදා හරින ලද ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්ත පරික්ෂා කිරීමත් එය පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදු කර ඇති බව වාර්තා වෙයි .
QR ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු කිරීමට උපදෙස් දුන් බව අමාත්‍යවරයා පවසයි .
එමෙන්ම අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ධීවර,කෘෂිකර්ම, කර්මාන්ත, සංචාරක කර්මාන්ත ප්‍රමුඛ කර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මහජන පැමිණිලි පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .

සතියේ දින 05 ම පාසල් යන්න : 15 සිට ලෑස්ති වෙන්න !
එළැඹෙන අගෝස්තු 15 (සඳුදා ) සිට සතියේ දින 5 සුපුරුදු ආකාරයට පාසල් පැවැත්වීමට තීරණය කර ඇත .
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමත්‍යංශයේද පවත්වා ඇත .
එහිදී ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශ වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියළුම පළාත් බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබෙන බවත් වාර්තා වෙයි .
එමෙන්ම සඳුදා සිට ආරම්භ වන පාසල් සතිය තුල ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් විසින් සහන ලබා දිය යුතු අතර, එම සහන ලබා දිය යුතු ක්‍රමවේද පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇති බවත් දැනුම්දී ඇත .
මේ අතර ඉදිරි තෙමසක කාලය තුල පාසල් කාලය විෂයය ඉගැන්වීම් සඳහාම යොදා ගත යුතු අතර, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වෙයි .
පසුගිය කාලයක් තිස්සේ පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුනොවනු අතර ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැඩි විවේචන එල්ල විය.
එසේම ආර්ථික අර්බුදය හමුවේ පවා පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට පියවර ගැනීම ජනතාව තුළ ධනාත්මක එළැඹුම් ඇතිකරන්නක් බව විචාරක මතය වී තිබේ.
ඔවුන් පවසන්නේ තම කඩාකප්පල් වූ දෛනික ජීවිතය නැවත ඇරඹීම හරහා මිනිසුන් අර්බුදය හමුවේ කඩාවැටීම වෙනුවට අර්බුදය සමනය කරගන්න සක්‍රීය දායකත්වයක් සපයනු ඇති බවය.

රන්ජන්ගේ නිදහස ඉක්මන් වෙයි !
සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපි ලේඛන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , රංජන් රාමනායක අත්සන් තබා ඇති බව වාර්තා වෙයි .
එම සමාව ඉල්ලීමේ ලිපිය ඔහුගේ නීතිඥයන් විසින් සකස් කර ඇත.
රන්ජන් රාමනායක සමාව ලබා දෙන්නැයි පාර්ශව ගණනාවක් පසුගිය සමයේ දිගින් දිගටම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඉල්ලා සිටිනු ලැබුවත් ඒ කෙරෙහි ඔහු අවධානය යොමුකළේ නැත.
කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පාලනය අත්හැර රටින් පළායාමෙන් පසුව ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ බලය ලද සැනින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ නිදහස වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත දැනුම්දී තිබිණ .
ඒ අනුව නිසි ක්‍රමවේදය අනුව රන්ජන් රාමනායක ගේ නිදහස් වීමේ ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙන බව අධිකරණ අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කර තිබිණ .
Page 292 of 464