V2025

පුවත්

එන්නත් කාඩ්පතට නව මෘදුකාංගයක් සහ කේත අංකයක්

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට සමගාමීව නව මෘදුකාංගයක් සහ කේත අංක හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම කටයුතු අවසන් වූ විගස පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ට පමණක් පොදු ස්ථානවලට ප්‍රවිශ්ට වීමට අවසර හිමිවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

මේ මාසය අවසන් වීමට ප්‍රථම එම කටයුතු අවසන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගම්මන්පිල කියන්නේ බොරු : පුබුදු හෙළිකරයි !

"ත්‍රිකුණාමලේ වරාය ආසන්නයේ පිහිටි ඉඩමක තියෙන තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් අද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. එහිදී ඔහු ඉතාමත් වැරදි තොරතුරු ගණනාවක් ඉදිරිපත් කරනවා. ඉන් එකක්ක් තමයි 2003 වසරේ දී ගිවිසුමක් අස්සන් කරලා තියෙනවා කියනවා තෙල් ටැංකි අනු නමයම ඉන්දියාවට දෙන්න. මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. එවැනි ගිවිසුමක් අත්සන් කරලා නෑ.ඒ විතරක් නෙවෙයි දැනට දීලා තියෙන තෙල් ටැංකි 14 ඉන්දියාවට දෙන්නත් විධිමත් ගිවිසුමක් අත්සන් කරලා නෑ." යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි .

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය .

අවබෝධතා ගිවිසුමක් විතරයි අත්සන් කරලා තියෙන්නේ . අවබෝධතා ගිවිසුමෙන් පස්සේ විධිමත් ගිවිසුමක් මාස කීපයකට පසුව අත්සන් කරනව කියල කිව්වට ඒක 2003 සිට මේ දක්වා අත්සන් කරලා නෑ. විධිමත් ගිවිසුමකින් තොරව නීති විරෝධී ආකාරයට තමයි මේ තෙල් ටැංකි දාහතරක් දැනට දීලා තියෙන්නේ. අවබෝධතා ගිවිසුමේ තිබුණු කුලිය තමයි දැනටමත් ගෙවමින් තියෙන්නෙ. තෙල් ටැංකි අනු නමයම ඉන්දියාවට තියෙනවා කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. 87 ඉන්දු ලංකා ගිවිසුමේ මේ කරුණ අඩංගු වෙලා තියෙන විදිහ අමාත්‍යවරයා කියන විදිහ නෙමෙයි. ඒකෙ තියෙන්නෙ ඉන්දියාවට හැර වෙන කෙනෙකුට ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලට මැදිහත් වෙන්න දෙන්න එපා කියලා තියෙන්නේ. තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමක් ඒකෙන් සිද්ධ වෙලා නෑ. ඊ ළඟට ගිවිසුම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා කියන තොරතුරු සම්පූර්ණයෙන් වැරදියි. දැනට අපි දන්නා තොරතුරු වලට අනුව අමාත්‍යවරයා ගිවිසුම් දෙකක් අත්සන් කරන්න යනවා. පළවෙනි ගිවිසුමේ පර්යන්තයේ පහල කොටසේ පිහිටලා තියෙන තෙල් ටැංකි දාහතරයි නල පද්ධතියයි නැව් තෙල් අංශයයි සියල්ල ඉන්දියාවට තව අවුරුදු 50කට බද්දට දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේක හරහා නැව් තෙල් අංශය මුළුමනින්ම ඉන්දියාව සතු වෙනවා. බංකරින් හරහා රටට ලැබෙන්න තියෙන විශාල විදේශ විනිමය මුදලක් අහිමි වෙනවා. මේ තෙල් ටැංකි 14 හරහා අපට තෙල් ගන්න වෙන්නේ අයිඕසී එක හරහා.

මේ ගිවිසුමේ තෙල් ගැනීම සම්බන්ධයෙන් තියෙන වගන්තිය ගැන පරික්ෂා කරල බලන්න වෙනවා. දෙවෙනි ගිවිසුම තමයි තෙල් ටැංකි හැට එකක් ඒකාබද්ධ සමාගමකට පවරන ගිවිසුම. දැනට ඒ තෙල් ටැංකි 61 සම්බන්ධ කියමින් ඉන්නේ අමාත්‍යවරයා ඒ තෙල් ටැංකිය 61 පවරන සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ බහුතරය ලංකාවට තියෙනවා ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා ඒ වගේම කොටස් වලින් සියයට පනස් එකක් තියෙනවා කියලා.

මේකට හොඳම උදාහරණය තමයි නිවු ෆොර්ට්රස් එනර්ජි ඒ සමාගම සමඟ කෙරවලපිටිය බලාගාරය ට අදාළව අත්සන් කරපු ගිවිසුම. ගිවිසුමට අනුව සමාගමට තියෙන්නෙ කොටස් වලින් සියයට හතළිහයි. නමුත් සම්පූර්ණ මෙහෙයුම් වගකීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ නිවු ෆොර්ට්රස් එනර්ජි සමාගමට.මෙතන කොටස් වලින් සියයට පනස් එකක් ලංකාවට තියෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්නය. කොටස් වලින් සියයට 51 ක් කියන්නේ මේකේ ලාභයෙන් සියයට පනස් එකක්. එහෙම නැතුව මේකෙ මෙහෙයුම් කටයුතු වලට අදාල බලය නෙමෙයි. ලාභයෙන් සියයට 51 කියලා කියන්නේ මේ තෙල් ටැංකි වලට අදාල කුලිය. අපි දන්නා තොරතුරු වලට අනුව මෙහෙයුම් වගකීම සඳහා ලංකාවට බලයක් තියෙනවා කියන එක ගිවිසුමේ සඳහන් වෙලා නෑ . ඒ තෙල් ටැංකි 61 සඳහා තෙල් ගේද්දි ඉන්දියාවෙන්ම ගේන්න අපි බැඳිලා ඉන්නවා. දැනට තියෙන අධිකාරිය අහිමි වීමත් එක්ක ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඛනිජ තෙල් වලට තිබෙන ඒකාධිකාරය අයිඕසී සමාගමට හිමිවෙනවා. අමාත්‍යවරයා බොහොම තලු මර මර කියන්නේ ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි විසිහතරක් හිමි වෙනවා කියලා. ඒ තෙල් ටැංකි 24 මොනවද නිශ්චිතව අංක වශයෙන් කියන්න.අපි දන්න තොරතුරු වලට අනුව මේ දෙන්න යන තෙල් ටැංකි 24 කියන්නේ කිසිසේත්ම භාවිතා කළ නොහැකි අබලන් වෙලා තියෙන තෙල් ටැංකි. අමාත්‍යවරයා කියන්නේ මෙතෙක් අහිමි වෙලා තිබුණු සම්පතක් ලංකා රජයට දිනාගන්න හදපු ජයග්‍රාහි ගිවිසුමක් කියලා. නමුත් මේ ගිවිසුම මෙතෙක් රජයට අයිති වෙලා තිබුණු දේපලක් රටේ ජනතාව සතු සම්පතක්‌ ඉන්දියාවට ලබා දෙන පාවාදෙන ගිවිසුමක්. අමාත්‍යවරයා කියනවා තෙල් ටැංකි උඩ සිංහ කොඩිය ගහන්න පුළුවන් කියලා. මේක හරියට ගෙදර වික්කට පස්සේ අලුත් ගැනුම්කරුවෝ පොරොන්දු වෙනවා සාලෙ තියෙන සීයගෙ පින්තූරේ අයින් කරන්නැතුව තියා ගන්නම් කියලා. එතකොට අපි ඇවිල්ල කියනවද අපි ගේ වික්කා තමයි ඒ උනාට සීයගෙ පින්තූරේ ගහලා තියෙනවා සාලෙ ඒ නිසා අපිට සතුටුයි කියලා. ඊළඟට තියෙනවා සපුගස්කන්ද තෙල් පිරිපහදුව විනාශ කිරීමේ කුමන්ත්‍රණය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙනුවට චීන සහ ඇමරිකානු සමාගම් දෙකට තෙල් පිරිපහදු ආරම්භ කරන්න අවසර දෙන ප්‍රශ්නය, අයිඕසී එකට ලබාදීලා තියෙන තෙල් පිරවුම් හල් වල ගිවිසුම දීර්ඝ කිරීමේ උත්සාහය, ඊට පස්සේ ඛනිජ තෙල් පනත 1961 අංක 24 දරන පනත සංශෝධනය කරලා මේ මුළු ක්ෂේත්‍රයම පෞද්ගලීකරණය කරන්න දරන උත්සාහය. මේ සියල්ලම එක්ක එකට සම්බන්ධ වෙනවා ත්‍රිකුණාමල වරායේ නැව් තෙල් අංශයත් වරාය අසල තියෙන වටිනා තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීම පිළිබඳ ප්‍රශ්නය.මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්, මේක ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක්, මේක ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්, ඒ නිසා අපි ඇමතිවරයාට කියනවා නිකං විහිළු කතා කියන්න එපා. මේ වෙලා තියෙන හානිය සම්බන්ධ වගකීම බාරගන්න කියලා.”

2022දී අමාත්‍ය ධූරවල වෙනසක් !

කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරයි.

අදාළ පුවත යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසූ බවත් වාර්තා කර ඇත.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ එම ඇමතිධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කෙරෙන බව සඳහන් කරන එම ප්‍රකාශකයා ආණ්ඩුව නව වසරේ අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බවද ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  දිවයිනට ළඟදීම පැමිණීමට නියමිත අතර කැබිනට් මණ්ඩලයේ සංශෝධනය සිදු වන්නේ ඔහු පැමිණීමෙන් පසුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නව වසරේ නව වෙනස්කම් සමග අලූත් ගමනක් ආරම්භ කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ඉල්ලීමක් කළහ. මෙම කැබිනට් සංශෝධනයද එහි ප්‍රතිඵලයක් බව දැනගන්නට ඇත.

ජනාධිපති ඉල්ලා අස්වෙන්න : රාජ්‍ය අමාත්‍යවරයකුගෙන් යෝජනාවක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික වශයෙන් රට සංවර්ධනය කිරීමේදී යන්නේ තනි ගමනක්නම් එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ඒ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ය.

විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට සංවර්ධනය කිරීමේදී කැබිනට් මණ්ඩලයට සුදුස්සන් පත් කළ යුතු බවත්,රජයේ උසස් තනතුරු වලට නිවැරදි රාජ්‍ය නිලධාරීන් පත් කොට කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතුව ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනයා යුතු බවත්ය.

මාධ්‍යයවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ” එල් .එන් .ජී සැපයුම සහ එල් .එන් .ජී බලාගාර ඇමරිකානු සමාගමට ලබා දීම සම්බන්ධයෙන් මම පුද්ගලිකව විරුද්ධයි.” යනුවෙන් ද පැවසීය .

දෙසැම්බර් 31 : රු. ලක්ෂ 66,500 ක් අච්චු ගහලා !

රට වැසියෝ ගෑස්, කිරි, හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රු. ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත.

2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 (බිලියන 678.33) කි.

ආණ්ඩුවේ සල්ලි අච්චු ගැසීම හරියට ‘Catch me if you can’ චිත්‍රපටියේ නත්තල් දවසේ රැ, රටට උත්සවශ්‍රීයෙන් නත්තල සමරන විට, ප්‍රංශයේ ඉදන් හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක්. ලංකාවේ මිනිස්සු ගෑස්, කිරි, හාල් පෝලිම්වල ඉන්න අතරේ අවුරුද්දේ, අන්තිම දවසේ, අන්තිම පැයේ දී රු. ලක්ෂ 66,500 ක් අච්චු ගහලා තියෙනවා‘ යැයි හිටපු ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

කලින් දවසේ ඩොලර් මිලියන 1500 ක් රටට ආවා කියලා ඉලක්කම් විජ්ජාවක් පෙන්නපු ආණ්ඩුව පහුවදා, මෙහෙම සල්ලි අච්චු ගැසීමෙන් වෙන්නේ දැන් ගුවන්ගත වෙලා තියෙන බඩු මිල, රොකට් ගත වීම. පසුගිය වසරට ආණ්ඩුව රු. ලක්ෂ හැට හත් ලක්ෂ අසූතුන් දහස් තුන්සීයක් (6,783,300) ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම සල්ලි අච්චු ගැහිල්ලක් වෙලා නෑ.

අද උද්ධමනය කියන්නේ ඉලක්කමක් විතරයි. දවසට දෙතුන් සැරයක් බඩු ගණන් යනවා. මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුව කිසිම පියවරක් ගන්නේ නෑ. දවසෙන් දවස රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. කාබාසිනියා වෙනවා. හැමදේටම ආණ්ඩුවට තියෙන පිළිතුර සල්ලි අච්චු ගැසීම විතරයි. වටිනාකමක් නැති සල්ලි කොළ අච්චු ගැහුවාම භාණ්ඩ මිල ඉහළ යනවා. මේ අච්චු ගහන සල්ලි කොළ කන්න බෑ. රටේ තියෙන සීමිත හාල්, ගෑස්, කිරි ටික ගන්න පෝලිමේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙනවා‘ යැයි ද, හිටපු ආණ්ඩුකාර නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සුසිල් ගම්මන්පිලගේ එල්ලෙයි : මණ්ඩලේ කචල් !

ත‍්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට අයිති බව ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශ කළද මීට පෙර, අදාල විෂය භාරව කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් ඒ කතාව ප‍්‍රතික්ෂේප කරයි.

මෙම දේශහිතෛෂීන් වේදිකාවේ කතා කරන්නේ පපුවට අත තබාගෙන වුවද වැඬේ කරන කොට එසේ නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු පවසන්නේ ගම්මන්පිලගේ කතාව බොරුවක් බවයි.

දිවයින පුවත්පත පළ කර තිබෙන එම දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවෙන් ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ හිමිකම සම්බන්ධයෙන් ඔහු පළ කර තිබෙන කොටස මෙසේ අපි උපුටා දක්වමු.

ප‍්‍රශ්නය – ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඇති කර ගැනීමට යන ගිවිසුම පිළිබඳව මේ වනවිට මත දෙකක් පළ වී තිබෙනවා. එක් මතයකින් කියනවා එම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදෙන බව. අනෙක් මතයෙන් කියනවා දැනටමත් ඉන්දියාවට ලබාදීලා තිබෙන එම තෙල් ටැංකි යළි ලබාගන්නා බව. එම මත දෙකෙන් නිවැරදි මතය කුමක්ද?

පිළිතුර – මගේ මතය ඉන්දියාවට තෙල් ටැංකි අයිති නැහැ. නැති එක පිළිබඳව නීතිමය ප‍්‍රශ්නයකුත් තිබෙනවා. අනෙක් කාරණය තමයි 2003 දී අත්සන් කළ ගිවිසුම මගින් එම තෙල් ටැංකි ඉන්දියාවට අයත් වූවා නම් ගත වූ වසර 18 තුළ ඉන්දියාව එම ටැංකි ලබා නොගෙන ඉන්නේ නැහැනේ? ඉන්දියාවට තෙල් ටැංකි අයිති නම් ඇයි ඒ රට අපෙන් අහන්නේ එම ටැංකි ශුද්ධ කිරීමට. කවුරු හරි කියනවා නම් දැනටමත් එම තෙල් ටැංකි ඉන්දියාවට අයිති බව එහෙම කියන්නේ එම ටැංකි ඉන්දියාවට දීමට අවශ්‍ය වී තිබෙන අය තමයි. ඒ අය රටට ලෝකයට එකත් ප‍්‍රකාශ කරනවා. රහසේ ඉතිරි අනෙක් කටයුතු කරනවා. නමුත් අපි එහෙම නැහැ. අපි විවෘතව කතා කරනවා. මෙම දේශහිතෛෂීන් වේදිකාවේ කතා කරන්නේ පපුවට අත තබාගෙන. නමුත් වැඬේ කරන කොට එහෙම නෑ.

ප‍්‍රශ්නය – ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන ගිවිසුමට ඔබ විරුද්ධද?

පිළිතුර – නෑ… මම කියන්නේ මෙතැන තිබෙන්නේ තෙල් ටැංකි පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. මේ භූමියේ වටිනාකම ඒ අය දන්නවා. එම නිසා මෙම භූමියට පය තබාගන්න තිබෙන හොඳම ක‍්‍රමය තමයි තෙල් ටැංකි සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් පිහිටුවා ගැනීම. මම කියන්නේ එහෙම නොකර අපගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය රැකගෙන අපට වෙන කරන්නට දෙයක් නොමැති නම් කරන්න තිබෙන හොඳම දේ තමයි සී. පී. එස්. ටී. එල් එකට අනුව බදු ගිවිසුමක් අත්සන් කිරීම. එය කළ යුත්තෙත් වෙන කරන්නට දෙයක් නොමැති නම් පමණයි.

mawrata

කෝටි 150 පොහොර වංචාවක්

අඩු මිලට ගෙන්වූ පොහොර සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය පොහොර සමාගම් එකොළහකට රුපියල් කෝටි 150 කට වැඩි මුදලක් ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පසුගිය 2018 – 2020 අතර කාලයේදී ආනයනය කරනු ලැබූ පොහොර වෙනුවෙන් මෙලෙස විශාල මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණයවී ඇත.

පොහොර සමාගම් 11ක් 2020 මුල් කාර්තු දෙකේ අවස්ථා 213 කදී අඩු මිල යටතේ ආනයන කරනු ලැබූ පොහොර මෙට්‍රික් ටොන් 156272.5 ක් සඳහා මෙලෙස මුදල් ගෙවා ඇත්තේ පොහොර සහනාධාරය වෙනුවෙන් බව පවසමිනි.

තවද ජාතික පොහොර ලේකම් කාර්යාලය රුපියල් කෝටි 50 කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක සඳහන්ව ඇතැයි පැවසේ.

එම පොහොර ගෙන්වූ අවස්ථා 213 දීම ආනයනික මිල ( Invoice price) මිල කමිටුව තීරණය කළ මිලට වඩා අඩු අගයක් ගෙන තිබී ඇතැයි පැවසේ. එසේම පොහොර ආනයනය කළ සමාගම් කිහිපයකට කෘෂිකර්ම අමාත්‍යාංශය පත් කළ මිල කමිටුවේ මිල සූත්‍රයෙන් බැහැරව 2018වර්ෂයේදී රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා ඇතැයිද විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

මිල ගණන් තීරණය කිරීමේදී රජයට අවම අවාසියක් ඇතිවන පරිදි, සාධාරණ ආකාරයට එම කටයුතු කිරීමට මුදල් කමිටුවට හැකියාව තිබුණත් මෙම පොහොර ගනුදෙනුවලදී එවැන්නක් සිදුවී නැති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

ගෑස් කිරිපිටි පෝලිමට යන්න රාජ්‍ය සේවකයො නිවාඩු දාලා!

මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් සංස්කෘතියකි.

ඒ අනුව ජනතාව පැය ගණන් පෝලිම්වල සිටින ආකාරයක් මේ දිනවල දැකගන්නට පුළුවන.

මේ හේතුවෙන් සාමාන්‍ය වැසියා, පෞද්ගලික සේවකයින් හා රාජ්‍ය අංශයේ සේවකයන්ට ද තම රාජකාරි සිදුකරගැනීමට බාධාවක් වී ඇත්තේ ඔවුන්ටද මෙම පෝලිම්වල පැය ගණන් සිටීමට සිදුවී ඇති නිසාය=.

පසුගිය දිනෙක එවැනි රාජ්‍ය සේවකයෙක් කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ආකාරය ජායාරූපයේ දැක්වේ.

leave chit 1000px

 

මහවැලි ගගේ මහා පරිමාණ වැලි කැණීම් සදහා රජයෙන් අවසර

සොබාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගගේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැළිකැණමි සදහා අහංගම වැලි කැණිම් සමාගමට මෙි වන විට බලපත්‍ර ලබාදී තිබෙි.

භූ විද්‍යා පතල් කාර්‍යංශ විසින් මහා පරිමාණ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නමි ඒ සදහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදීතාවය පිළිබද අධ්‍යයනය කල යුතුය.

එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නිති විරෝධි ක්‍රීයාවලියකි. මීට පෙර මෙම ප්‍රදේශයේ සුලු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශ වාසින් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැණීම මෙම සොබාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙම ප්‍රදේශයේ අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමෙිදී සොබාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයකට මෙන්ම සොබාවික පාරිසරික සංවෙිදි කලාපයකටයි. නමුත් එම වැළි නිදි එම ප්‍රදේශවලින් ඉවත් කිරීම කරන්නේ නමි ඒ සදහා නිසි ලෙස අධ්‍යනයක් කල යතුය. ගමිමුන් ප්‍රදේශයේ වැලි ඇති දැයි සොයා ගන්නේ ප්ලස්ටික් බටයක් යටට යවා තිබෙින ප්‍රමාණය මැන ගැනීමෙිනි... භු විද්‍යා හා පතල් කාර්‍යංශය මෙම වැලි බලපත්‍ර නිකුත් කිරිමට පෙරද වැලි නිදියේ ඝනත්වය මැන ඇත්තේ මෙි ආකාරයටය. මෙි වැනි මැනිමි කර ලයිසන් දිමට භූ විද්‍යා පතල් කාර්ංෂ්‍යක් අවශ්‍යා වන්නේ නැත. වැලි කැනිමිවලින් අනතුරැව ඇති විය හැකි ව්‍යවසනයක් පාලනය කිරිමට හැකිනමි පමණක් ඒ සදහා අවසර දිම විද්‍යාත්මක ක්‍රමය වෙි.

270114489 10223947342804095 1934187174761918133 n2021/57/LS අංකයෙන් නිකුත් වනු 2021 ත්‍රි කුණාමලය ප්‍රදේශයේ වැලි කැණිමි සමිබන්ධව කල වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහවැලි ගගේ ඉවුරට විශාල හානි පැමිණ ඇත. එමෙන්ම ප්‍රදේශයේ ලවණ තාවය වැඩි වි ඇති බවට පර්යේෂණ මගින් සනාත වී ඇත.

එයට අමතරව පසුගිය ඔක්තොම්බර් මස 11 වැනි දින කළුගල්ල වැලි, පස්, බොරළු හා මැටි කැණීම් ප්‍රවාහනය හා වෙළදාම සම්බන්ධව බල පත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් 02/2021 චක්‍රලේඛය නිකුත් කිරීම රටේ ගංගා පරිසර පද්ධතිය බරපතල විනාශයකට ගෙන යාමකි.

2020 ඔක්තෝබර් මස හයවන දින 2196/28 අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත්කළ කමිටුවට අනුව වැලි ගොඩදැමීම හා ප්‍රවහානය සම්බන්ධව ඇති බාධා නිසා වැලි ගොඩ දමන ජනතාව, සමාගම් සියල්ල අපහසුතාවයට පත්ව ඇති අතර එම අපහසුතාවයන්ගෙන් ජනතාව මුදවා ගැනීමට නැවත වැලි හා ඛණිජ බලපත්‍ර ලබාදිම වෙනුවෙන් යැයි කියා නැවත වැලි ජාවාරමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට මෙමගින් උත්සාහ කරමින් ඇති බවයි.

එමෙන්ම මේ වන විට මහවැලි ගංඟාවේ දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වම් ඉවුරටත් ලබාදීම මෙම රජය යටතේ 2021 වර්ෂයේ ආරම්භ කර ඇති බවත් සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපතල පාරිසරික හානියක් සිදුවී ඇත. මේ වන විට කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල අක්කර හැට දහසක් පමණ වගා කරන අතර වැලි ගොඩ දැමීම නිසා ඇති වී ඇති ලවණතාවය හේතුවෙන් බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් තිබේ.

මෙරට ගංගා පරිසර පද්ධතිය තුළ නැවත වැලි කැණීමට රජය ඉඩදිම තුළින් අනාගතයේදී බරපතල පාරිසරික හානියක් හා භූගත ජලය පිළිබඳ අර්බුදයක් ඇති විය හැකිය.

නව චක්‍රලේඛය හරහා වැලි කැණීම සඳහා බලපත්‍ර ලබා දීම ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කිරීමට යෝජනා කර තිබෙන බවත් එම ක්‍රියාවලියෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් එමඟින් සිදුවන්නේ දැඩි පාරිසරික හානියකට අතවැනීමක් බවත් අප විසින් මිට මාස කිහිපයකට පෙර පෙන්වාදුන්

මෙහිදී පවතින විශේෂ ගැටළුවක් වන්නේ පරිසර හිතකාමියෙකු බව පෙන්වාදෙමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂම විශාල පරිසර හානියකට උරදෙමින් සිටීමයි.

මෙම තත්වය රටට උදාකිරීමට උරදුන් ඇතැම් පරිසරවෙිදින් මෙයට වග කිව යුතුය.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්.

ජාතික සම්බන්ධිකාරක,

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය 071836864

රු.3500ට ගෑස් විකුණද්දී පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමා සද්ද නැහැ - අසේල සම්පත්

කිසිදු නියාමනයක් නොමැතිව රාත්‍රි කාලයේදී හෝටල් හිමියන්ට රු.3500ට ගෑස් විකුණන විට මැනිං මාර්කට් එකේදී කන පැලෙන්න ගහන්න කතා කළ පාරිභෝගික අධිකාරියේ හමුදාවේ සභාපතිතුමාට තමන්ගේ කතාව ක්‍රියාවේ යෙදවීමට හැකිව තිබුණත් එය සිදු නොවුණු බව මහජන අයිතීන් පදනමේ සභාපති අසේල සම්පත් පැවසුවේය.

ඒ, අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් සියල්ල විසිල් පමණක් වන අතර බල්ටි නොමැති බවයි ඔහු කියා සිටියේය.

ඩොලර් ප්‍රශ්නයත් සමඟ අවසානයේ සිදු වූයේ මිනිසුන්ගේ ආත්මගරුත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වීම බවද ඔහු සඳහන් කරන ලදී.

කොවිඩ් මරණ 14,995ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (31) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,995කි.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි නව කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව 05 ශ්‍රේණිය හා ඉන් ඉහළ පංති සඳහා 50%ක ධාරිතාවයෙන් උපකාරක පන්ති පවත්වා ගෙන යා හැකියි.

ආගමික ස්ථානවල තනිව වැඳුම් පිඳුම් කිරීම සඳහා අවසර හිමි වෙයි.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව ඇති අතර එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

පෞද්ගලික සාදා පැවැත්වීමේදී උත්සව ශාලාවක නම් එහි ධාරිතාවයෙන් 50% ක ප්‍රමාණයකට ද, නිවසක නම් උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට ද අවසර හිමිව ඇති අතර කෙසේ වුවත් එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් වේ.

ආපනශාලා, වෙළෙඳසැල්, ඖෂධ අලෙවිසැල්, සුපිරි වෙළෙඳසැල් සඳහා වරකට ඇතුලත් කර ගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි ධාරිතාවයෙන් 50% කට පමණයි.

අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් සහ නිවසින් බැහැරව යෑම හැකිතාක් සීමා කිරීමට වගබලා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.

පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී අදාළ ප්‍රවාහන මාධ්‍යයන් තුල ආසන සංඛ්‍යාව අනුව මගීන් රැගෙන යාම සිදුකළ යුතුය. වායු සමීකරණය කරන ලද වාහන මගී ප්‍රවාහනය කිරීමේදී වා කවුළු විවෘත කිරිමට පියවර ගත යුතුය. එමෙන්ම සියලුම මගීන් මුව ආවරණ පැළඳ සිටිය යුතුයි.

සේවා ස්ථාන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු පවත්වා ගෙන යෑමට අවසර ලබාදී තිබේ.

නැවත දැනුම් දෙන තුරු මහජන ඒකරාශිවීම්, රැස්වීම ආදිය පැවැත්වීම සපුරා තහනම් වේ.

1

2

3 1 

සිමෙන්ති මිල ඉහළට

දේශීය සිමෙන්ති සමාගම් නැවත වරක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

=ඒ අනුව නව වසර ආරම්භවීමත් සමග අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 100කින් ඉහළ නංවන බව ‍දේශීය සිමෙන්ති සමාගම් නිවේදනය කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,375කි.

රට තුළ පැවති සිමෙන්ති හිඟය හේතුවෙන් ඒ සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පසුගිය ඔක්තෝබර් මාසයේදී රජය පියවර ගත්තේය.

ඉන් පසුව ඔක්තෝබර් මාසයේදී හා නොවැම්බර් මාසයේදී සිමෙන්ති සමාගම් රුපියල් 93කින් හා රුපියල් 177කින් දෙවරක් සිමෙන්ති මිල ඉහළ නැංවිය.

නව වසරට ජනපතිගෙන් පණිවුඩයක්

සුබ නව වසරක් වේවා…!

උදා වූ 2022 නව වසර සියලු ශ්‍රී ලාංකිකයින් ඉතාමත් උද්යෝගිමත්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ලැබුවා වූ 2022 වසර සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අවුරුදු පණිවුඩයක් නිකුත් කර තිබේ.

උදා වූ නව වසර අලුත් හැඟීම් සමඟ සුබවාදී ව සහ අධිෂ්ඨානශීලී ව අනාගතය දෙස බැලීමට අපව නිතැතින් ම පොළඹවනු ලබයි. එබැවින්, අප 2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්‍යෝගයකින් සහ අපේක්ෂා සහගතව ය. ගෙවී ගිය වසර රටටත්, ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරී බැලිය යුතු ය. ඒ අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතු ව බව මම විශ්වාස කරමි.

අභියෝග ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වන බව මාගේ විශ්වාසයයි. පවතින වසංගත තත්ත්වය හමුවේ අඩපණ වූ ආර්ථිකය සහ ජන ජීවිතය ඉන් වඩාත් සුරක්ෂිත වනු ඇත. ඒ සඳහා වන සැලසුම් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාවට නැංවීමට අපට පුළුවන. සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළිනි. ජයගත් අභියෝග සේ ම ලැබූ අත්දැකීම් නව වසරේ ඒ සඳහා අපව දිරි ගන්වනු ඇත.

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇත. එසේ වුව ද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව සහ සහජීවනය තවදුරටත් තහවුරු වී තිබේ. නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතී. අකර්මන්‍ය ව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය විසින් පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත කෙරෙහි එල්ල වූ හානිකර තත්ත්වයන් සම්බන්ධයෙන් රජය ගත් පියවර ගෝලීය පැසසුමට ද ලක් විය. වසංගත තහංචි මධ්‍යයේ පවා ඔබ අද භූක්ති විඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැපකිරීම්වල ප්‍රතිඵලයක් බව මම සතුටින් සඳහන් කරමි.

ජනතාව පීඩාවට පත් වීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමකි. අතීතයේ සිට මේ දක්වා පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වා ගනිමින් නව විදේශ සබඳතා ගොඩනඟා ගැනීමට අපට හැකි වීම සුවිශේෂී ආයෝජනයක් ලෙස දකිමි.

එළඹුණු නව වසර ජනතාවට “සෞභාග්‍යයේ දැක්ම” සාක්ෂාත් කර ගැනීම සඳහා කැප වන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

ඔබ සැමට ලැබුවා වූ නව වසර නිදුක්, නිරෝගී, ධෛර්යය සම්පන්න වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් මෙරටින් හමුවේ

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර  සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ රසායනාගාර පරීක්ෂණවලදී හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වගකීමෙන් කටයුතු කරන්න මෙන් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිට හූ කිව්වේ නෑ : රාජ්‍ය අමාත්‍ය හේරත්

මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සලක් අසල පෝලිමේ සිටි ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හූ තැබීමක් සිදු කර නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් සඳහන් කරයි.

මාධ්‍යවේදීන් විසින් අදාළ සිදුවීම ගැන කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

දේශීය කිරිපිටිවල මිලද යම් මට්ටමකින් ඉහළ යනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

2022 දී ආණ්ඩුව පෙරළනවා : මරික්කාර් සහතික වෙයි !

පවතින ආණ්ඩුව 2022 නව වසරේදී අනිවාර්යෙන් පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මේ ආණ්ඩුවේ සිදුවන වංචා දූෂණවලට වරදකරුවන්ට එරෙහිව නව ආණ්ඩුව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

ඩීල් හෝ ඩීල් දමන පුද්ගලයන් සමගි ජන බලවේග නව ආණ්ඩුවේ නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

කාබනික වගාවෙන් මහින්දානන්දගේ ප්‍රතිරූපයට හානි වෙලා !

කෙතරම් අභියෝග ආවත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජයෙන් ගනු ලැබූ ඉතා හොඳ තීරණයක් නිසා රජයත්, ජනාධිපතිවරයාත් සමඟ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැපවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.

මේ නිසා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයට බරපතල ලෙස හානි සිදු වුවත් මෙමඟින් රටට සහ ජනතාවට වන යහපත ගැන සිතා මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොසැලි රාජ්‍ය නායකයා සමඟ සිට ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.

තමන් මීට පෙර අමාත්‍යාංශ කිහිපයක අමාත්‍ය ධුර හොබවා ඇතත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ හැමටම වඩා මාෆියාවන් ක්‍රියාත්මක වන තැනක් බවද පොහොර, වී වැනි ක්ෂේත්‍ර ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ඇති නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද (31) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.

“මේ අමාත්‍යාංශයේ ඉතා දක්ෂ අවංක හොඳ නිලධාරීන් රැසක් ඉන්නවා. නමුත් ඒ අයට වැඩ කරන්න නොදී ඔවුන්ගේ ඔළුව නරක් කරන පිරිසක් ඉන්නවා. බාහිරව උපදේශකයින් ලෙස පෙනී සිටින එවැනි පුද්ගලයින් නිසා තමයි මේ අමාත්‍යාංශයට පත්ව ආ දක්ෂ ලේකම්වරුන්ටත් අමාත්‍යාංශය අතහැර යන්න සිද්ධ වුණේ. මහාචාර්ය උදිත් ජයසිංහ ලේකම්වරයාත් ඉතා හොඳ දක්ෂයෙක්. ඔහු රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැමැත්තෙන් කටයුතු කළා. ඒක කරන්න ඉඩ නොදී ඔහුව සම්පූර්ණයෙන්ම වෙනස් කළේ පිට ඉඳන් බලපෑම් කරන උපදේශකවරුන් යැයි කියා ගන්න කණ්ඩායමක්. මේ අදිසි හස්තය ගැන අපි කල්පනාකාරී වෙන්න ඕන.” යැයි ද අමාත්‍යවරයා කීවේය. මේ වසරේ ඉඳලා මේ අමාත්‍යාංශය මෙහෙයවීමේ වගකීම ලේකම්වරයා බාර ගන්න ඕනේ. මම අමාත්‍යවරයා විදියට ප්‍රතිපත්ති සම්පාදනය කර ඒවාට රජයේ අනුමැතිය ලබා දීමට කටයුතු කරනවා. අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවීම ප්‍රගතිය සමාලෝචන කර මාස් පතා ප්‍රගති වාර්තා ලබා දීම ඇතුළු සියලු කටයුතු ලේකම්වරයා විසින් ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය.

ඉකුත් වසර කාලය තුළ අපි විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවද ඉකුත් යහපාලන සමයේ විනාශකර දමා තිබු ජනවසම ඇතුළු ආයතන හතරක් මේ වන විට ලාබ ලබන තත්ත්වයට පත්කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තමන් කිසිඳු නිලධාරීයෙකුට බලපෑම් නොකරන බවද රජයේ රෙගුලාසි සම්බන්ධයෙන් නිලධාරීන් තමන්ට ලබා දෙන උපදෙස් පිළිගනිමින් ඒ අනුව කටයුතු කරන බවද අමාත්‍යවරයා කීවේය. මුළු රටම කෘෂිකර්ම අමාත්‍යාංශය දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා සැලසුම් සහගතව අමාත්‍යාංශයේ කටයුතු සිද්ධ වෙන්න ඕන. ඉකුත් වසරේ අමාත්‍යාංශයට ලැබුණ රුපියල් මිලියන 75ක මුදලවත් වියදම් කරන්න බැරිව තිබෙනවා.

අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වා ගන්නත් පෞද්ගලිකව තමන්ට ලොකු වෙහෙසක් දරන්නට සිදු වූ බවද ඉදිරියේදී මේ සියලු අඩුපාඩු මඟහරවා ගෙන නව ලේකම්වරයා සමඟ කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා කීවේය. අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ද ලේකම්වරයා සමඟ විනිවිදභාවයෙන් යුතුව කටයුතු සිදු කර රජය අපේක්ෂිත ආකාරයට යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට පූර්ණ දායකත්වය ලබා දිය යුතු බවද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන් මිරිස් ආනයනය 100%ක් 2024වන විට නතර කළ යුතු බවද අල හා ලූණු ආනයනය 35% දක්වා සීමා කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය. තමන් මීට පෙර අමාත්‍ය ධුර හෙබවූ විදුලිබල අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශවල රටේ ආර්ථිකයට වාසිදායක වෙනස්කම් රැසක් ඇති කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ද එවැනි වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සියලුදෙනා කැපවිය යුතු බවද කී අමාත්‍යවරයා කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය, කෘෂිකර්ම දත්ත තොරතුරු පද්ධතිය වැනි වැදගත් කාර්යයන් ඉතා කඩිනමින් නිමකර හරිත කෘෂිකර්ම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරා මෙහෙයවීමට සියලුදෙනා කැපවිය යුතු බවද අමාත්‍යවරයා කීවේය.

Page 388 of 464