Language Switcher

V2025

අළුතෙන්ම පටන්ගමු....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඊයේ අති දැවැන්ත පරාජයෙන් පස්සේ ටීම් එකේ වගේම අනික් හැමෝගෙම මූණු ඇඹුල් වෙලා තියනවා දැක්ක. සමහරු අඬන්න වගේ. සමහරු හතර අතේ බනිනවා.

කේන්තිය, ආවේගය, බලාපොරොත්තු රහිත බව වගේම රටේ සමස්තයක් හැටියට තියන කඩාවැටීම වගේ හැම දෙයක්ම මේ බැනීම සඳහා පාදක වෙලා තියනවා. ඒ ඔක්කොම හරි.

දැන් ආයේ මේ තරඟාවලියේ රැඳී සිටීමක් ගැන හිතන්න ඕනි නැහැ. මම කියන්නේ තව කවුරුහරි දිනනකම් හරි පරදිනකම් හරි ඉඳල අනුන්ගේ පානෙන් පිනට ලෝක කුසලානේ ඕනි නැහැ. මීට කලිනුත් මම දැක්ක ඒ වගේ පෝස්ට්. අරය පැරදුණොත් අපි ගොඩ වගේ. මම කියන්නේ එහෙම නැතුව ඇත්ත රණශුරයෝ වගේ ඇත්තටම දිනන්න මෙතන ඉඳන් වැඩ කරමු.

පළමුවෙන් අපි මෙතැන ඉඳන් ආවේගයට ඉඩ නොදී තාර්කික සහ සබුද්ධික වෙමු. එකෙන් පටන් ගම්මු.

396724304 727802946051491 6773877314484205002 nප්‍රථමයෙන් මේ පරාජය අමතක කරලා ඊළඟ සියලු තරඟ සඳහා අපේ කණ්ඩායමේ මනස හදමු. ඉන්දියාව ලොකුයි මාරයි කියල හිතන එක නවත්වල අපේ උන් ඉන්දියාව ක්‍රිකට් නොගහන තැනට ගහපු විදියවල් ගැන සොයමු. සනා මම හිතන්නේ ඉන්දියාවේ ගොඩක් පන්දු යවන්නෝ විශ්‍රාම ගන්වල තියනවා.

ඒ වගේ මොන 'ලොකු' රටක් ආවත් උන්ට මුහුණ දෙන්න තාක්ෂණය සහ ඔරොත්තු දීම හදන්න ඕනි. ලෝකයේ සියලු නවීන තාක්ෂණය එක්ක අපි වැඩකරන්න ඕනි. අපි ලෝක කුසලානේ ගත්තේ ඔස්ට්‍රේලියාවට ගහල. ඒකයි ඉතිහාසය.

රට ඇතුලේ ගහන ක්‍රිකට් වැඩි කරන්න ඕනි. විශේෂයෙන් ක්ලබ් ක්‍රිකට්, පාසල් ක්‍රිකට්. තරඟකාරී LPL ක්‍රිකට් උනත් කමක් නැහැ සුවිශේෂ දක්ෂතා හඳුනාගන්න පුළුවන් වෙන විදියට. අපේ මිෂන් එක ඊළඟ ලෝක කුසලානය කරගම්මු.

ලෝකයත් එක්ක තියන තරඟ සහ කවුන්ටි ක්‍රිකට් වලටත් යන්න පුලුවන් නම් හොඳයි ගෝලීය අත්දැකීම් ගන්න.

ලෝකයේ ක්‍රිකට්වල සියලු අලුත් වර්ධනයන් ගැන පර්යේෂණයන් කරන්න ඕනි. අලුත් ක්‍රිකටර්ස්ල ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනි. ඒ සඳහා ටීම් එකක් ඉන්න ඕනි. ක්‍රිකට් රිසර්ච් ගැන වෙනම අවධානයක් තියෙන්න ඕනි (research institute). විශේෂයෙන් AI එක්ක (කෘතීම බුද්ධිය සහ ක්‍රිකට්) අපි ඉස්සරහට යන්න ඕනි.

හැම පාසැලකම සහ හැම පළාතකම අලුත් ක්‍රිකටස්ල ගැන තොරතුරු රැස්කරගන්න ඕනි. අලුත් දක්ෂතා හොයාගන්න ඕනි. ඔවුන්ට අවස්ථාව දෙන්න ඕනි. සියලු පැරණි ක්‍රීඩකයින්ගේ සහය මේ සඳහා එකතු කරගන්න ඕනි.
විශේෂයෙන් මේ මට්ටමට ක්‍රිකට් පජාත කරපු ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක ගැන ඉතාම ඉක්මනින් තීරණයක් ගන්න ඕනි.

වැටුණට කමක් නැහැ. නැගිටිමු! අපේ ආදරණිය ෆෑන්ස්ල වෙනුවෙන් ඒ දේ කරමු.

මම ක්‍රිකට් ගැන දන්න ලොකු මඟුලක් නැහැ. ඒ නිසා දන්නා අය මීට වඩා කතාකරන්න. ඒක උදව් වෙයි.

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)