මගී නෞකා - ගුවන් යානා ඇතුල්වීම තහනම් : නිරෝධායනය ගැන ගැසට් එකක් එයි !

මගී නෞකා - ගුවන් යානා ඇතුල්වීම තහනම් : නිරෝධායනය ගැන ගැසට් එකක් එයි !

සියළු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාව තුළට  පැමිණීම රජය විසින් තහනම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙයි.

රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන නිව්ස්.lk අනූව කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස රජය විසින් මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කියා සිටින බවත් එම පුවතේ දැක්විණ.කෙසේ වුවත් මීට පෙර රජය නිවේදනය කර සිටියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසන බව ඔවුත් එය අපේක්ෂිත ආකාරයට සිදුවූයේ නැත. එබැවින් මේ අවස්ථාවේ හෝ මේ ගනුලැබූ තීරණය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය ඉතා වැදගත් කරුණක් බව අමුතුවෙන් කිවයුතු නැත.

පවිත්‍රාගේ අලුත් ගැසට් එක

මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් කොවිඩ් - 19  නැත්නම් නව කොරෝනා වෛරසය ආසාදනය වීම නිරෝධායනය අනිවාර්ය රෝගී තත්ත්වයක් ලෙස නම් කර ඇත.

ඊට අදාළ ගැසට් පත්‍රය පහත දැක්වෙයි.

cor dasa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න