රට පුරා පනවා ඇති ඇඳිරි නීතිය සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (20) නිවේදනයක් නිකුත්කර ඇති අතර ඊට අනූව කොළඹ , ගම්පහ , පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත.
ඊට අනූව එම දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ඉවත් කරන්නේ (24) වන අඟහරුවාදා පෙරවරු 6.00 ය. නමුත් එදින පස්වරු 2.00 ට එම දිස්ත්‍රික්ක සඳහා යළිත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවත් එම නිනිවේදනයේ සඳහන් කර ඇත.
තවද එම නිවේදනය අනූව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සඳහා පණවා තිබූ පෙර දැනුම්දී තිබුනු ආකාරයට 23 වනදා (සඳුදා ) පෙරවරු 6.00 ට ඉවත් කරන බවත් නමුත් එදින පස්වරු 2.00 ට ඇඳිරි නීතිය පනවන බව ත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම මාධ්‍ය නිවේදනය ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිකුත්කර ඇති එය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
