මෙරටින් වාර්තා වන කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළායඑම සංඛ්‍යාව 18කි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 17 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12 ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වේ.
කුරුණැගල සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සිව් දෙනෙකු බැගින් වාර්තා වී තිබේ.රත්නපුරයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 03කි.
ඊට අමතරව ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව, බදුල්ල, යන දිස්ත්‍රික්කවලින් කොරොනා ආසාදිතයින් වාර්තා වේ.මෙරටින් වාර්තා වී ඇති කොරොනා ආසාදිත විදේශිකයින් සංඛ්‍යාව 03කි.
විශේෂ වෛද්‍ය කණ්ඩායමක අධීක්ෂණය යටතේ ඔවුන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරෙන බවසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
