ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් කිහිප දෙනෙකුම 'පොහොට්ටු' පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවලට මේ වනතෙක් අත්සන් කර නොමැත.
ඒ, සෑම දිස්ත්‍රීක්කයකම තම පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව අවම වශයෙන් තවත් එක් අපේක්ෂකයකුට නාමයෝජනා ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීම 'පොහොට්ටු' පක්ෂ නායකයින් විසින් ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළකරමිනි.
ඒ අනුව, ශ්‍රීලනිප මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පොදුජන පෙරමුණේ ලේකම් ලසන්ත අලගියවන්න හා ශ්‍රීලනිප මාධ්‍යය ප්‍රකාශයක වීරකුමාර දිසානායක යන හිටපු ඇමතිවරුන් නාමයෝජනා පත්‍රවලට අත්සන් කර නොමැති බව වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍ය, දිවංගත සාලින්ද දිසානායකගේ බිරිඳට හා හිටපු අමාත්‍ය එස්.බී. නාවින්නට කුරුණෑගල දිස්ත්‍රීක්කයේ 'පොහොට්ටුව' යටතේ නාමයෝජනා ලබාදෙන ලෙස දයාසිරි ජයසේකර කළ ඉල්ලීම 'පොහොට්ටුවේ' නායකයින් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේවුවද ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේවනවිට 'පොහොට්ටුව' යටතේ නාමයෝජනා අත්සන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
