එමෙන්ම මෙම අත්තනෝමතික ක්රියාවලිය පරාජය කිරීමට ලංකා බැංකුවේ සමස්ත සේවකයින් එක් දින සාර්ථක වැඩවර්ජනයක් කර එම විරෝධයටද ආණ්ඩුවේ ජනාධිපති ඇතුලූ අගමැතිවරයා ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් අප මධ්‍යස්ථානයේ විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.
මේ අනුව බලන විට ආණ්ඩුව ඔවුන් ගත් අත්තනෝමතික ක‍්‍රියාවලිය ආපසු නිවැරදි කිරීමට උත්සාහ නොගෙන රාජ්‍ය බැංකුවල සටන්කාමී සේවකයින්ට තර්ජනය කරමින් ඔවුන් බියගැන්වීම සම්බන්ධව මධ්‍යස්ථානයේ විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.
සමස්ත රාජ්‍ය බැංකු සේවකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ක‍්‍රියාවලිය හුදකලාව පරාජය කළ නොහැකි එකක් නිසා එය පරාජය කිරීමට පුලූල් වෘත්තීය සමිති මැදිහත්වීමක් මෙන්ම දේශපාලන මැදිහත්වීමක්ද අවශ්‍ය බැවින් ඒ සඳහා කටයුතු කරන ලෙසය. ආණ්ඩුවේ මෙම අත්තනෝමතික ක‍්‍රියාවලිය දේශපාලන වශයෙන් පරාජය කළ හැකි හෝ දුර්වල කළ හැකි අවස්ථාවක් රාජ්‍ය බැංකු සේවකයින්ට මෙන්ම සමස්ත වැඩකරන ජනතාවට අපේ‍්‍රල් 25 වන දින උදා වේ. එම අවස්ථාවේදී ප‍්‍රයෝජන ගෙන ආණ්ඩුවේ අත්තනෝමතික හිතුවක්කාරී ක‍්‍රියාවලිය පරාජය කරන ලෙස ඉල්ලා සිටිමු.
ඉදිරියේදී සියලූම ප‍්‍රගතිශීලී බලවේගවල සහ ප‍්‍රබල විපක්‍ෂයක මැදිහත්වීමකින් රාජ්‍ය බැංකු රැකගැනීමේ ක‍්‍රියාවලියකින් ජයග‍්‍රහණය තෙක් ඉදිරියට ගෙන යා යුතු බව අප මධ්‍යස්ථානය යෝජනා කරමු. එසේ කිරීමකින් තොරව රාජ්‍ය බැංකු ආරක්‍ෂා කර ගත නොහැකි බැවින් එවැනි ක‍්‍රියාවලියක් සඳහා මැදිහත්වන ලෙස සමස්ත රාජ්‍ය බැංකුවල වෘත්තීය සමිතිවලින් හා සේවක ප‍්‍රජාවෙන් ඉල්ලා සිටිමු.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
