එයා බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැඳවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.
අද (12දා) පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.
මීට අමතරව ලබන 18 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද කෝප් කමිටුවට කැඳවනු ඇත.විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේදී කැඳවීමට යෝජනාවී තිබිණ.
ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ නිලධාරීහු අලුතින් පත්වූ නිලධාරි මඩුල්ලක් බැවින් මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමට කල් ඉල්ලා මෙම දිනය වෙනුවට වෙනත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබුණ ද කෝප් කමිටු සාමාජිකයන් විසින් එය ප්‍රතික්ෂේප කොට එදිනට (19දා) පැමිණෙන ලෙස දන්වා ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.
මීට පෙර කෝප් කමිටුවේ සාකච්ඡාවට බදුන්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද පසුගිය කාලයේ වැඩි කතා බහට ලක්වු බැවින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද කැදවා මේ පිළිබදව සාකච්ඡා කිරීමට කමිටුව තීරණය කළ බවත් මෙම එයා බස් ගනුදෙනුවට අදාළව වාර්තා දෙකක් ද පාර්ලිමේන්තුවට මීට පෙර කෝප් කමිටුව මගින් ඉදිරිපත් කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
