පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීම හෙට (07) හෝ අනිද්දා (08) දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.
අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මේ බව කියා සිටියේය.ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙතෙක් දිනයක් ලබාදී නැතැයි ද ඔහු සඳහන් කළේය.
හිටපු ආණ්ඩුකාර වරුන් වන අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කරමින් මේ බව ඔහු දැනුම් දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
