ජාතික පානීය ජල, ප්‍රජා ජල සම්පාදන හා අප ජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, අයවැය ප්‍රතිපාදනවල ප්‍රගතිය සහ අවශ්‍යතා මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජනතාව ගේ ප්‍රමුඛ ගැටලුවක් වී ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත්, එහිදී කිසිසේත් මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත් උපදෙස් දෙමින් ව්‍යාපෘතිය, ආරම්භ කළ හැකි දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කෙරෙන දිනය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුම් දී ඇත.
ජනතාව ගේ වත්මන් අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් සකස් කිරීමේ වැදගත්කම ද මෙහි දී පෙන්වා දෙමින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී විදේශීය ණය පිළිබඳ බලා නොසිට හැකි තරම් දේශීය අරමුදල්වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
එමෙන්ම, ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදී ම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
