උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එන්.කේ ශිවාජිලිංගම් මහතා අද(28) ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයට කැඳවා තිබේ.
ඉකුත් මැයි මාසයේ වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ පැවැත්වූ සැමරුම් උත්සවයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙසේ කැදවා ඇත.
එන්.කේ ශිවාජිලිංගම් මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මීට පෙර දැනුම්දී තිබුණේ ඊයේ(27) දිනයේ පැමිණ අදාළ ප්‍රකාශය ලබා දෙන ලෙසටයි.
එහෙත්, තමන් අසනීප තත්ත්වයේ පසුවන බැවින් අද දිනයේ ඊට අවස්ථාව ලබාදෙන ලෙස හිටපු මන්ත්‍රීවරයා ඉල්ලීම් කිරීමකට අනුව අද පැය 05 කට වැඩි කාලයක් ඔහු එම ප්‍රකාශය ලබා දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
