ක්ෂුද්‍ර මුල්‍ය ණය කපාහරින බවට ජනාධිපති අපේක්ෂකයන් පොරොන්දු දීමෙන්, ණය හිමියන් ණය නොගෙවීම නිසා මුල්‍ය සමාගම් රැසක් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි මුල්‍ය සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලට ක්ෂුද්‍ර මුල්‍ය ණය කපාහැරීම පොරොන්දුවක් ලෙස ඇතුළත් කර තිබුණේ යැයිද, මේ නිසා ණය ගෙවීමට හැකියාව ඇති ගනුදෙනුකරුවන් පවා ඒවා පැහැරහරින තත්ත්වයක් නිර්මාණයවී ඇතැයිද වාර්තා වේ.
ජනාධිපතිවරණය සමඟ නොවැම්බර් මාසයේ ණය වාරික නොගෙවීම ප්‍රවණතාවක් ලෙස ඉහළ ගොස් ඇතැයිද සඳහන්.
රජය මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත්වීමක් නොකළහොත් මුල්‍ය සමාගම් විශාල අර්බුදයකට පත්වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් පරිදිම ක්ෂුද්‍ර මුල්‍ය ණය කපාහැරීම සිදුවන්නේ යැයිද, ඊට අවශ්‍ය වාර්තා සකසමින් ඇතැයිද සංවර්ධන බැංකු හා ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ධුරයේ වැඩභාරගනිමින් පසුගිය 02 වැනිදා පැවැසීය.
(බිඟුන් මේනක ගමගේ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
