කථානායක කරූ ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී පක්‍ෂ නායකත්ව භාරගන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබෙන අතර, දැනට පක්‍ෂයේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පක්‍ෂ නායකත්වය භාරගැනීමට නොහැකි බව කථානායක කරූ ජයසූරියගේ ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි.
එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස අතරේ හටගෙන තිබෙන ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ තමන්ට නායක ධුරය ලබාගෙන කටයුතු කිරීමට නොහැකි බවත්, මහ මැතිවරණයක් අබියසදී පාක්‍ෂිකයන් දෙපසට වී චෝදනා කර ගන්නා පරිසයක් තුළ පක්‍ෂය ජයග්‍රාහී මට්ටමට ගෙන යා නොහැකි බවත් ඔහු සඳහන් කර ඇති බවත් දැනගන්නට ඇත.
තමා නායක ධුරය ලබාගත්තද එම කටයුතු කඩාකප්පල් කිරීමට පිරිසක් බලා සිටින බවත්, පක්‍ෂයේ නායකයන් එක්ව සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා ලෙසත් කථානායකවරයා දන්වා ඇති බවත් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසට හිතවත් මන්ත්‍රීවරුන් මේ වනවිට කටයුතු කරන ආකාරය අනුව එක්සත් ජාතික පක්‍ෂයට විශාල හානියක් සිදුව තිබෙන බවද කථානායක කරූ ජයසූරිය පවසා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
