පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ යළි එම පක්ෂය තුල සිංහල-බෞද්ධ පදනම ශක්තිමත් කිරීමට සිදු කෙරෙන යෝජනාවලට අනුව පාඨලී චම්පික රණවක, හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයින් කිහිප දෙනෙකුටම එජාපයට එක්වන්නැයි මේවනවිටත් නිලනොවන මට්ටමින් ආරාධනා කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙහි නිරත වීම සඳහා චම්පික රණවක මන්ත්‍රීවරයව තම පක්ෂයෙන් මුදා හැරීමට ජාතික හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය ද තීරණය කර ඇති බව lankanewsweb.netවාර්තා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
