එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කර ඇති බැවින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සලකා බලමින් සහය ලබා දෙනවා දැයි දෙමළ පක්ෂ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව ටෙලෝ සංවිධානයේ සෙල්වම් අඩෙයික්කලනාදන් පැවසීය.
තීන්දුවක් ගැනීම සඳහා නොවැම්බර් 1 වැනිදා සිට සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඔහු කීය.
දෙමළ පක්ෂ 5ක් ඔක්තෝම්බර් 30 වන දින යාපනයේදී පැවැත්වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරණයේදී සහ ලබා දෙන්නේ කාටදැයි විසඳුමක් නොලැබුන නිසා තමන්ට කැමති අපේක්ෂකයාට තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව ඔහු පැවසීය.
එම සාකච්ඡාවට සහභාගි වූ අයගේ පරස්පර යෝජනා හා තීරණ තිබුණු බවත්, එක් ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දීම වෙනුවෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වූ බවත් එම සාකච්ඡා කල් දැමූ බවත් අඩෙයික්කලනාදන් පැවසීය.
(අනිද්දා- රේඛා නිලුක්ෂි හේරත්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
